නාබොත් මළ බව ආහබ් ඇසූ විට, ඔහු ජෙශ්‍රෙයෙලීය නාබොත්ගේ මිදි වත්ත අයිති කරගන්න පිණිස එහි යන්න පිටත් වුණේ ය.
එසකියෙල් 16:44 - Sinhala New Revised Version “උපමා කියන අය, ‘මව යම් සේ ද දුවත් එසේ ම ය’ යන මේ ප්‍රස්තාව පිරුළ නුඹ ගැන කියනු ඇත. Sinhala New Revised Version 2018 “උපමා කියන අය, ‘මව යම් සේ ද දුවත් එසේ ම ය’ යන මේ ප්‍රස්තාව පිරුළ නුඹ ගැන කියනු ඇත. Sinhala Revised Old Version උපමා කියන සියල්ලෝ: මවු යම්සේද දුවත් එසේමය යන උපමාව නුඹ ගැන කියනවා ඇත. |
නාබොත් මළ බව ආහබ් ඇසූ විට, ඔහු ජෙශ්‍රෙයෙලීය නාබොත්ගේ මිදි වත්ත අයිති කරගන්න පිණිස එහි යන්න පිටත් වුණේ ය.
ඔවුන් ඉදිරියෙන් සමිඳාණන් වහන්සේ ගෙන ගිය විජාතීන් කළ පරිදි ඒ සියලු ගිරිකුළු දේවාලවල සුවඳ දුම් ඔප්පු කළෝ ය. සමිඳාණන් වහන්සේ උදහස් කරන අන්දමේ නපුරු දේවල් ද කළෝ ය.
උන් වහන්සේගේ පණත් ද ඔවුන්ගේ පියවරුන් සමඟ කළ උන් වහන්සේගේ ගිවිසුම ද ඔවුන්ට උන් වහන්සේ දුන් උන් වහන්සේගේ අවවාද ද එපා කර, වැදගැම්මක් නැති නිෂ්ඵල රූපවලට නමස්කාර කොට, වැදගැම්මක් නැති අය වෙමින් ඔවුන් වටකර සිටි විජාතීන් මෙන් නොකරන හැටියට සමිඳාණන් වහන්සේ ඔවුන්ට අණ කළ නමුත්, ඒ විජාතීන්ගේ සම්ප්‍රදායයන් අනුව හැසුරුණෝ ය.
එහෙත්, ඔව්හු ඇහුම්කන් නුදුන්නෝ ය. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා ඉදිරියෙන් විනාශ කළා වූ විජාතීන්ට වඩා නපුරුකම් කරන ලෙස මනස්සේ ඔවුන් මුළා කෙළේ ය.
“මේ කටයුතු නිම වූ කල, අධිපතීහු මා ළඟට අවුත් කතා කොට, ‘ඉශ්රායෙල් සෙනඟ ද පූජකයන් හා ලෙවීවරුන් ද විදේශ වැසියන් වන කානානිවරුන්ගේ ද හිත්තීවරුන්ගේ ද පෙරිස්සිවරුන්ගේ ද ජෙබුසිවරුන්ගේ ද අම්මොන්වරුන්ගේ ද මෝවබ්වරුන්ගේ ද මිසරවරුන්ගේ ද අමෝරිවරුන්ගේ ද පිළිකුල් ක්‍රියාවලින් වැළකී සිටියේ නැත.
“මනුෂ්‍ය පුත්‍රය, ‘කාලය ගෙවී යන්නේ ය; දර්ශන ව්‍යර්ථ වන්නේ ය’ කියා ඉශ්රායෙල් රටෙහි නුඹලා අතරේ ව්‍යවහාර වන මේ ප්‍රස්තාව පිරුළේ තේරුම කුමක් ද?
‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්න. ‘මම මේ ප්‍රස්තාව පිරුළ කීම නවත්වන්නෙමි; එය ප්‍රස්තාව පිරුළක් වශයෙන් ඉශ්රායෙල්හි තවත් ව්‍යවහාර නොවන්නේ ය.’ එසේ ය, ඒ දවස ළං වී ඇති බව ද සියලු දර්ශන ඉටු වන බව ද ඔවුන්ට කියන්න.
‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ජෙරුසලමට මෙසේ වදාරන සේක. “ “ ‘ආරම්භය හා උපත අනුව නුඹ කානානිවරුන්ගේ දේශයට අයිති ය. නුඹේ පියා අමෝරිය ජාතිකයෙකි. නුඹේ මව හිත්තීය ජාතික ස්ත්‍රියකි.
ඇත්තට ම නුඹ පුරුෂයාටත්, දරුවාටත් ද්වේෂ කළ මවගේ දුව ය; නුඹ පුරුෂයන්ට ද දරුවන්ට ද ද්වේෂ කළ නුඹේ සහෝදරියන්ගේ සහෝදරී ය. නුඹේ මව හිත්තීය ජාතික ස්ත්‍රියක් ය. නුඹේ පියා අමෝරිය ජාතිකයෙක් ය.
පැරැණි ආප්තෝපදේශයේ හැටියට දුෂ්ටයාගෙන් දුෂ්ටකම නික්මෙයි. එහෙත්, මම ඔබට දුෂ්ටකමක් නොකරන්නෙමි.