මාස තුනක් පමණ ගත වූ පසු, “ඔබේ ලේලිය වන තාමාර් වේශ්‍යාකම් කළා ය” කියා ද, “ඇරත් වේශ්‍යාකමින් ඈ පිළිසිඳගෙන සිටින්නී ය” කියා ද ජුදාට දන්වන ලදින්, ඔහු ද, “ඈ පිටත ගෙනවුත් පුළුස්සා දමන්නැ”යි කීවේ ය.
එසකියෙල් 16:34 - Sinhala New Revised Version එබැවින් නුඹේ වේශ්‍යාකම්වල දී නුඹේ හැසිරීම අන් ස්ත්‍රීන්ට වඩා වෙනස් ය. කුමක් නිසා ද, වේශ්‍යාකමට කිසිවෙක් නුඹ පස්සේ එන්නේ නැත. නුඹ මුදල් දෙනවා මිස කිසිවෙක් නුඹට මුදල් දෙන්නේ නැත. මේ නිසා නුඹ අන් වෙසඟනන්ට වඩා වෙනස් ය.’ “ Sinhala New Revised Version 2018 එබැවින් නුඹේ වේශ්‍යාකම්වල දී නුඹේ හැසිරීම අන් ස්ත්‍රීන්ට වඩා වෙනස් ය. කුමක් නිසා ද, වේශ්‍යාකමට කිසිවෙක් නුඹ පස්සේ එන්නේ නැත. නුඹ මුදල් දෙනවා මිස කිසිවෙක් නුඹට මුදල් දෙන්නේ නැත. මේ නිසා නුඹ අන් වෙසඟනන්ට වඩා වෙනස් ය.’ ” Sinhala Revised Old Version නුඹේ වේශ්‍යාකම්වලදී නුඹේ අන්දම අන් ස්ත්‍රීන්ට වෙනස්ය, මක්නිසාද වේශ්‍යාකමට කිසිවෙක් නුඹ පස්සේ එන්නේ නැත. නුඹ පණයම් දෙනවා මිස නුඹට පණයම් දෙන්නේ නැත, මෙසේ නුඹ වෙනස්ය. |
මාස තුනක් පමණ ගත වූ පසු, “ඔබේ ලේලිය වන තාමාර් වේශ්‍යාකම් කළා ය” කියා ද, “ඇරත් වේශ්‍යාකමින් ඈ පිළිසිඳගෙන සිටින්නී ය” කියා ද ජුදාට දන්වන ලදින්, ඔහු ද, “ඈ පිටත ගෙනවුත් පුළුස්සා දමන්නැ”යි කීවේ ය.
ටික කලක් ගත වූ පසු, ඔහුගේ ස්වාමියාගේ බිරිඳ ජෝසෙප් වෙත නෙත් හෙළා, “මා සමඟ සයනය කරන්නැ”යි කීවා ය.
සියලු වේශ්‍යාවන්ට යම් මුදලක් ගෙවනු ලැබේ. එහෙත්, නුඹ නුඹේ සියලු පෙම්වතුන්ට නුඹේ මුදල් දී, නුඹ සමඟ වේශ්‍යාකම් කිරීමට, හැම අතින් ම නුඹ සමඟ කම් සැපෙහි යෙදෙන්න නුඹ ඔවුන්ට තෑගි බෝග දුන්නෙහි ය.
“ ‘එබැවින්, එම්බා වෙසඟනක වන ජෙරුසලම! සමිඳාණන් වහන්සේගේ පණිවුඩයට සවන් දෙන්න. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක:
රැළෙන් වෙන් වූ වල් කොටළුවෙකු සේ ඔවුන් අසිරියාවට ගොස් ඇත. එප්‍රායිම් ජාතිය පෙම්වතුන් කුලියට ගන්න පිණිස අන්‍ය ජාතීන්ට මුදල් ගෙවා ඇත.