මා ජීවමාන සත්ත්වයන් දෙස බලා සිටිය දී පොළොව මත ඒ සත්ත්වයන් සතරදෙනා ළඟ එකෙකුට එක බැගින් රන් චක්‍ර තිබෙනු මම දිටිමි.
එසකියෙල් 10:13 - Sinhala New Revised Version ඒ රෝදවලට ‘භ්‍රමණ චක්‍ර’යි නම් තබනු මට ඇසුණේ ය. Sinhala New Revised Version 2018 ඒ රෝදවලට ‘භ්‍රමණ චක්‍ර’යි නම් තබනු මට ඇසුණේ ය. Sinhala Revised Old Version ඒ රෝදවලට කරකැවෙන චක්‍රයයි නම් තබනවා මට ඇසුණේය. |
මා ජීවමාන සත්ත්වයන් දෙස බලා සිටිය දී පොළොව මත ඒ සත්ත්වයන් සතරදෙනා ළඟ එකෙකුට එක බැගින් රන් චක්‍ර තිබෙනු මම දිටිමි.
ඔවුන්ගේ මුළු ශරීරවල ද ඔවුන්ගේ පිටවල ද අත්වල ද පියාපත්වල ද රෝදවල ද වටකර පුරා ම ඇස් තිබුණේ ය. ඒ සතර දෙනාටත්, ඔවුන්ගේ රෝදවලටත් එසේ ම ඇස් තිබුණේ ය.
එක් එක් කෙරුබ්වරයාට මුහුණු සතරක් විය. පළමු වන මුහුණ කෙරුබ්වරයෙකුගේ මුහුණකි, දෙ වන මුහුණ මනුෂ්‍ය මුහුණකි, තුන් වන එක සිංහ මුහුණකි, සතර වන එක රාජාලි මුහුණකි.
උන් වහන්සේ හණ වස්ත්‍ර හැඳගෙන සිටි මනුෂ්‍යයාට කතා කොට, “නුඹ කෙරුබ්වරුන්ට යටින් කරකැවෙන චක්‍ර අතරට ඇතුළු වී, කෙරුබ්වරුන් අතරේ තිබෙන ගිනි අඟුරුවලින් නුඹේ දෑත පුරවාගෙන නුවර පිට විසුරුවා හරින්නැ”යි වදාළ සේක.