එසකියෙල් 1:9 - Sinhala New Revised Version ඔවුන්ගේ පියාපත් එකට එක් වී තිබුණේ ය. ගමන් කරන විට ඔව්හු නොහැරී කෙළින් ඉදිරියට ගියහ. Sinhala New Revised Version 2018 ඔවුන්ගේ පියාපත් එකට එක් වී තිබුණේ ය. ගමන් කරන විට ඔව්හු නොහැරී කෙළින් ඉදිරියට ගියහ. Sinhala Revised Old Version ඔවුන්ගේ පියාපත් එකිනෙකට බැඳී තැවරී තිබුණේය; ඔව්හු යන විට නොහැරී කෙළින් ඉස්සරහට ගියෝය. |
කෙරුබ්වරුන් සතර දිශාවෙන් එක දිශාවකට ගමන් ගත් විට ඔව්හු යන මාර්ගයෙන් අන් අතකට නොහැරුණෝ ය. මාර්ගයෙන් පිට නොපැන ඔවුන්ගේ හිස් හැරී තිබුණ දෙසට ඔව්හු කෙළින් ම ගමන් කළහ.
ඔවුන්ගේ මුහුණුවල පෙනීමත් හරියට ම මා කෙබාර් ගඟ ළඟ දී දුටු මුහුණුවල පෙනීමට සමාන ය. ඔව්හු එකිනෙකා කෙළින් ම ඉස්සරහට ගියහ.
තවද, උන් වහන්සේගේ ස්වර්ගාරෝහණ දිනය ආසන්න වූ කල, උන් වහන්සේ ජෙරුසලම බලා යන අධිෂ්ඨානයෙන්
ජේසුස් වහන්සේ, “නගුලට අත තබා ආපසු බලන කිසිවෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට සුදුසු නැතැ”යි ඔහුට වදාළ සේක.
සහෝදරයෙනි, ඔබ සියලු දෙනා එක දෙය ම කියන ලෙස ද ඔබ අතර භේද නැති ව, එක සිතින් හා එක කල්පනාවෙන් සම්පූර්ණයෙන් එකඟ ව සිටින ලෙස ද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් මම ඔබ හැමගෙන් උදක් ම ඉල්ලා සිටිමි.