ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 1:14 - Sinhala New Revised Version

විදුලිය දහරක් සේ ඒ ජීවමාන සත්ත්වයෝ ඔබමොබ දිව්වෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

විදුලිය දහරක් සේ ඒ ජීවමාන සත්ත්වයෝ ඔබමොබ දිව්වෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඒ සත්වයෝ විදුලි කෙටීමක පෙනීම මෙන් දිවගොස් හැරී ආවෝය.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 1:14
8 හුවමාරු යොමු  

එතුමාණෝ ස්වකීය ආඥාව පොළොවෙහි ඉම දක්වා යවන සේක. එතුමන්ගේ වචන යුහු ව පැතිර යයි.


එසේ මා යාච්ඤා පවසමින් සිටිය දී ම, කලින් දර්ශනයෙන් මා දුටු මනුෂ්‍යයා වූ ගාබ්‍රියෙල් ශීඝ්‍රයෙන් පියාසර කර සවස පූජා වේලාවට පමණ මා ළඟට පැමිණියේ ය.


කුඩා පටන්ගැන්ම හෙළා දකින්නට යමෙක් වේ ද? ගොඩනැඟිල්ලේ කටයුතු පමා ව ඇති නිසා ඔව්හු කලකිරී සිටිති. ඔව්හු සෙරුබ්බාබෙල්ගේ අතේ මුල් ගල ඇති බව දකින විට ප්‍රීති වන්නෝ ය.” දේව දූතයා මට කතා කොට, “පහන් සත නම් පො‍ළොවේ සියලු දිශාවන් දකින සමිඳාණන් වහන්සේගේ ඇස් සත ය”යි කී ය.


මන්ද, විදුලිය පෙරදිගින් නික්ම අපරදිග දක්වා විහිදෙන්නේ යම් සේ ද, මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ පුනරාගමනය එසේ ම වන්නේ ය.


උන් වහන්සේ මහත් හොරණෑ හඬක් සහිත ව තම දූතයන් එවන සේක. ඔව්හු අහසේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා සිව් දිගින් තෝරාගත්තවුන් රැස් කරන්නෝ ය.”


එවිට උන් වහන්සේ තම දූතයන් යවා පොළොවේ සීමාන්තයේ පටන් අහසේ සීමාන්තය දක්වා සිවු දිගින් තමන් වහන්සේ තෝරාගත් අය රැස් කරනු ඇත.”


අහසෙහි එක් දිශාවකින් පහළ වන විදුලිය අහසේ අනෙක් දිශාව දක්වා බබළන්නාක් මෙ‍න්, මනුෂ්‍ය-පුත්‍රයාණෝ පහළ වන දවසේ දී බබළන සේක.