එවිට ජාකොබ්, “තවමත් මද්දහන ය. බැටළු රැළවල් රැස් කරන වේලාව නොවෙයි; එබැවින් බැටළුවන්ට වතුර දී, තණ බිමට ඔවුන් ආපසු ගෙනයන්නැ”යි කී ය.
එපීස 5:16 - Sinhala New Revised Version කාලය නපුරු බැවින්, ඇති හැම අවස්ථාවකින් ම ප්‍රයෝජන ගන්න. සිංහල කාලීන පරිවර්තනය හැම අවස්ථාවකින්ම හැකි තරම් ප්‍රයෝජන ගන්න. මන්ද, මේ දවස් නපුරු ය. Sinhala New Revised Version 2018 කාලය නපුරු බැවින්, ඇති හැම අවස්ථාවකින් ම ප්‍රයෝජන ගන්න. Sinhala Revised Old Version දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලාගන්න. |
එවිට ජාකොබ්, “තවමත් මද්දහන ය. බැටළු රැළවල් රැස් කරන වේලාව නොවෙයි; එබැවින් බැටළුවන්ට වතුර දී, තණ බිමට ඔවුන් ආපසු ගෙනයන්නැ”යි කී ය.
සත්දෙනෙකු හෝ අටදෙනෙකු හෝ සමඟ කොටස් බෙදාගන්න. මන්ද, ලොවෙහි කුමන විපත්ති කාලයක් උදා වනු ඇද්දැ යි කාට කිව හැකි ද?
විපත්ති දවස් පැමිණෙන්නට පෙර ඔබේ යොවුන් වියේ දී ඔබේ මැවුම්කාර දෙවියන් වහන්සේ සිහි කරන්න. මන්ද, ඒවා ප්‍රිය නැතැ යි ඔබ කියන දවස් උදා වන්නේ ය.
ඔබ අත තබන හැම කටයුත්තක් ම මුළු වීර්යයෙන් ඉටු කරන්න; ඔබ යන පාතාල ලෝකයෙහි කිසි වැඩක් වත්, යෝජනාවක් වත්, දැනගැන්ම වත්, ප්‍රඥාව වත් නැත.
රජතුමා පිළිතුරු දෙමින්, “මාගේ අධිෂ්ඨානය ඔබට ප්‍රකාශ කර තිබෙන බැවින්, ඔබ කල් ගන්න හදන බව මට හොඳට ම පැහැදිලි යි.
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “තව මඳ කලක් ආලෝකය ඔබ අතර පවතිනු ඇත. අන්ධකාරය ඔබ ග්‍රහණය නොකරන පිණිස, ආලෝකය තිබිය දී ඇවිදින්න. අන්ධකාරයේ ඇවිදින තැනැත්තේ ඔහු යන්නේ කොහේ දැ යි නොදනී.
මේ සියල්ලෙහි දී, තීරණාත්මක කාලය පැමිණ ඇති බව සිතට ගන්න. මෙය නින්දෙන් පිබිද සිටිය යුතු වේලාව ය. මන්ද, අප ඇදහීමට පටන්ගත් කාලයට වඩා, අපේ ගැළවීම දැන් ළං වී ඇත.
මේ කාලයේ ඇති දුක් විපත් නිසා යමෙක් තමා සිටින තත්ත්වයෙහි ම සිටින්නේ නම් යහපතැ යි සිතමි.
ක්‍රිස්තුන් වහන්සේ, අපගේ දෙවි පියාණන්ගේ කැමැත්ත ලෙස, මේ නපුරු යුගයෙන් අප ගළවන පිණිස, අපේ පව් උදෙසා සිය දිවි පිදූ සේක.
එබැවින් අපට ඉඩ ප්‍රස්ථා ඇති හැටියට සියල්ලන්ට ම, ප්‍රධානකොට ඇදහිලිවන්තයන්ගේ පවුලට අයිති වූ අයට, යහපත්කම් කරමු.
එබැවින් නපුරු දවස පැමිණි විට ඊට විරුද්ධ ව සිටින්න පුළුවන් වන පිණිසත්, කළහැකි හැම දෙයක් ම කර, ස්ථිර ව සිටින්න පුළුවන් වන පිණිසත්, දෙවියන් වහන්සේගේ සන්නාහයෙන් සන්නද්ධ ව සිටින්න.
ක්‍රිස්තියානි නොවන අය සම්බන්ධයෙන් සිහි නුවණින් ක්‍රියා කරන්න. ඒ සඳහා හැම අවස්ථාවකින් ම ප්‍රයෝජන ගන්න.