උත්පත්ති 8:4 - Sinhala New Revised Version සත් වන මාසයේ දහහත් වන දින නැව අරරත් කඳු වැටිය මත නැවතිණි. Sinhala New Revised Version 2018 සත් වන මාසයේ දහහත් වන දින නැව අරරත් කඳු වැටිය මත නැවතිණි. Sinhala Revised Old Version නැව සත්වෙනි මස දසසත්වෙනි දින අරරත් කඳු පිට නැවතුණාය. |
ගංවතුර දස වන මාසය දක්වා නොනැවතී බැස ගියේ ය; දස වන මාසයේ පළමු වන දින කඳු මුදුන් පෙනිණි.
තවද, ඔහු තමාගේ දෙවි නිස්රොක්ගේ ගෘහයෙහි නමස්කාර කරද්දී ඔහුගේ පුත්‍රයන් වන අද්‍රම්මෙලෙක් ද ෂරෙශෙර් ද ඔහු කඩුවෙන් මරා අරාරාත් දේශයට පලා ගියහ. ඔහුගේ පුත් ඒසර්-හද්දොන් ඔහු වෙනුවට රජ විය.
දිනක් ඔහු තමාගේ දෙවි වූ නිස්රොක්ගේ දේවාලයේ නමස්කාර කරමින් සිටිය දී, ඔහුගේ පුත්‍රයන් වූ අදුම්මෙලෙක් හා ෂරෙශෙර් ඔහු කඩුවෙන් මරාදමා අරාරාත් රටට පලා ගියෝ ය. ඒසර්-හද්දොන් නම් ඔහුගේ තවත් පුත්‍රයෙක් ඔහු වෙනුවට අධිරාජයා වශයෙන් පත් විය.
“දේශයෙහි ධජ සංකේතයක් ඔසවා, ජාතීන් අතරෙහි හොරණෑවක් පිඹ බබිලෝනියට පහර දෙන පිණිස ජාතීන් සූදානම් කරන්න. ආරාරත්, මින්නි, අස්කෙනස් යන රාජ්‍යයන් කැඳවන්න. ප්‍රහාර මෙහෙයවන්නට සේනාධිපතියෙකු පත් කරන්න. කෙඳි පළඟැටියන් රැසක් මෙන් අශ්ව සේනාවක් නැඟී එන්නට සලස්වන්න.