උත්පත්ති 7:5 - Sinhala New Revised Version නෝවා ද සමිඳාණන් වහන්සේ අණ කළ සියල්ල ඉටු කෙළේ ය. Sinhala New Revised Version 2018 නෝවා ද සමිඳාණන් වහන්සේ අණ කළ සියල්ල ඉටු කෙළේ ය. Sinhala Revised Old Version නෝවා ස්වාමීන්වහන්සේ තමාට අණ කළ සියල්ල ලෙස කෙළේය. |
දෙවියන් වහන්සේ ඔහුට අණ කළ ලෙස සියලු සත්තු ගැහැණු-පිරිමි වශයෙන් ජෝඩුව බැගින් ඔහු සමඟ නැවට ඇතුළු වූ හ. සමිඳාණන් වහන්සේ නෝවා නැවට ඇතුළු කොට දොර වැසූ සේක.
මෙලෙස ජනතාවගේ සම්මුඛ මණ්ඩපයේ වැඩ සියල්ල නිම කරන ලදී. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ම ඉශ්රායෙල් ජනයා සියල්ල කළහ.
ජේසුස් වහන්සේ ඔහුට උත්තර දෙමින්, “දැනට ඉඩ දෙන්න; මෙසේ දේව කැමැත්ත මුළුමනින් ඉටු කිරීම අපට සුදුසු ය”යි වදාළ සේක. එවිට ජොහන් ඊට එකඟ විය.
එහෙත් උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “මාගේ මෑණියෝත් මාගේ සහෝදරයෝත් නම් දෙවියන් වහන්සේගේ වචනය අසා එය පිළිපදින්නෝ වෙති”යි වදාළ සේක.
උන් වහන්සේගේ මෑණියෝ මෙහෙකරුවන් අමතා, ‘මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වුව ද කරන්නැ’යි කී හ.
මනුෂ්‍යාකාරයෙන් සිටිමින්, උන් වහන්සේ, මරණය, එනම් කුරුසියේ මරණය දක්වා, පහත් වී කීකරු වූ සේක.