තවද, මා නුඹ වෙත මිසරයට එන්නට පෙර, නුඹට දාව මිසර දේශයේ දී බිහි වුණ නුඹේ පුත්තු දෙදෙන මාගේ වන්නෝ ය. රූබන් සහ සිමියොන් මෙන් ම එප්‍රායිම් සහ මනස්සේ මාගේ වන්නෝ ය.
උත්පත්ති 48:6 - Sinhala New Revised Version එහෙත්, ඔවුන්ට පසු නුඹට දාව උපදින දරුවෝ නුඹේ වන්නෝ ය. ඔව්හු උරුමය ලබනු සඳහා ඔවුන්ගේ සහෝදරයන්ගේ නාමයෙන් හඳුන්වනු ලබන්නෝ ය. Sinhala New Revised Version 2018 එහෙත්, ඔවුන්ට පසු නුඹට දාව උපදින දරුවෝ නුඹේ වන්නෝ ය. ඔව්හු උරුමය ලබනු සඳහා ඔවුන්ගේ සහෝදරයන්ගේ නාමයෙන් හඳුන්වනු ලබන්නෝ ය. Sinhala Revised Old Version මොවුන්ට පසු නුඹට උපදින දරුවෝ නුඹට වන්නෝය; ඔව්හු තමන් උරුම ගැන තමන් සහෝදරයන්ගේ නාම ලබන්නෝය. |
තවද, මා නුඹ වෙත මිසරයට එන්නට පෙර, නුඹට දාව මිසර දේශයේ දී බිහි වුණ නුඹේ පුත්තු දෙදෙන මාගේ වන්නෝ ය. රූබන් සහ සිමියොන් මෙන් ම එප්‍රායිම් සහ මනස්සේ මාගේ වන්නෝ ය.
මා මෙසේ කරන්නේ මෙසොපොතේමියාවේ සිට මා එන විට එප්‍රාත් නම් ස්ථානයට මඳක් දුර තිබිය දී, කානාන් දේශයේ අතරමඟ දී නුඹේ මව රාකෙල් මා දුකට පත් කරමින් මළ නිසා ය. මම ද එප්‍රායිම් හෙවත් බෙත්ලෙහෙමට යන මාර්ගයෙහි ඈ භූමදාන කෙළෙමි”යි කීවේ ය.
ජෝසෙප්ගේ පරපුර මනස්සේ සහ එප්‍රායිම් යන ගෝත්‍ර දෙකට බෙදන ලද්දේ ය. ලෙවීවරුන්ට දේශයෙන් කිසි කොටසක් නොලැබුණේ ය. ඒ වෙනුවට ජීවත් වන පිණිස නගර ද ඔවුන්ගේ ගව පට්ටි සහ එළු බැටළු පට්ටි සඳහා තණ බිම් ද දෙන ලද්දේ ය.