එවිට රූබන් තම පියාට කතා කොට, “ඔබ වෙත මා ඔහු ආපසු නොගෙනාවොත්, මාගේ දරුවන් දෙදෙන මරාදමන්න; මට ඔහු බාර දෙන්න: මම ආපසු ඔහු ඔබ වෙත ගෙනෙන්නෙමි”යි කීවේ ය.
උත්පත්ති 46:9 - Sinhala New Revised Version රූබන්ගේ පුත්‍රයන් වන හනොක්, පල්ලු, හෙශ්රොන් සහ කර්මී; Sinhala New Revised Version 2018 රූබන්ගේ පුත්‍රයන් වන හනොක්, පල්ලු, හෙශ්රොන් සහ කර්මී; Sinhala Revised Old Version රූබෙන්ගේ පුත්‍රයෝ, හනොක්, පල්ලු, හෙශ්රොන් සහ කර්මීය. |
එවිට රූබන් තම පියාට කතා කොට, “ඔබ වෙත මා ඔහු ආපසු නොගෙනාවොත්, මාගේ දරුවන් දෙදෙන මරාදමන්න; මට ඔහු බාර දෙන්න: මම ආපසු ඔහු ඔබ වෙත ගෙනෙන්නෙමි”යි කීවේ ය.
සිමියොන්ගේ පුත්‍රයන් වන ජෙමුවෙල්, ජාමීන්, ඔහද්, ජාකින්, ශොහාර් සහ කානානිය ස්ත්‍රියකගේ පුත්‍ර ෂාවුල්;
මිසරයට ගිය ජාකොබ්ගේ පෙළපතේ නාමාවලිය මෙය යි: එනම්, ජාකොබ් සහ ඔහුගේ පුත්‍රයෝ: ජාකොබ්ගේ කුලුඳුලා වන රූබන්;
පහත දැක්වෙනුයේ ඔවුන්ගේ පිය පෙළපත්වල ප්‍රධානීහු ය. ජාකොබ්ගේ කුලුඳුලා වූ රූබන්ගේ පුත්‍රයෝ නම් හනොක්, පල්ලු, හෙශ්රොන් සහ කර්මී ය. මොවුහු රූබන්ගේ පෙළැන්තියට අයිති වූවෝ වෙති.
තමන්ගේ පරම්පරා අනුව ලෙවීගේ පුත්‍රයන්ගේ නාම මෙසේ ය: ගෙර්ෂොන්, කොහාත් සහ මෙරාරී ය. ලෙවී අවුරුදු එකසිය තිස්හතක් ජීවත් විය.
අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, ජාකොබ්ගේ වැඩිමහල් පුත් රූබන්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන, ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.
රූබන්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හතළිස්තුන්දාස් හත්සිය තිස්දෙනෙක් ය.