මොහු පදන්-අරාම්හි අරමීය ජාතික බෙතුයෙල්ගේ දුව හා අරමීය ජාතික ලාබන්ගේ සොහොයුරිය ද වන රෙබෙකා සිය බිරිඳ මෙන් සරණපාවාගන්න කල්හි ඔහුගේ වයස අවුරුදු සතළිසකි.
උත්පත්ති 46:15 - Sinhala New Revised Version මොවුහු සහ ජාකොබ්ගේ දුව වන දීනා, ලෙයා මෙසොපොතේමියාවේ දී ජාකොබ්ට දාව ලැබූ දරුවෝ ය. ඔහුගේ දරුදැරියෝ සියල්ලෝ තිස්තුන්දෙනෙකි. Sinhala New Revised Version 2018 මොවුහු සහ ජාකොබ්ගේ දුව වන දීනා, ලෙයා මෙසොපොතේමියාවේ දී ජාකොබ්ට දාව ලැබූ දරුවෝ ය. ඔහුගේ දරුදැරියෝ සියල්ලෝ තිස්තුන්දෙනෙකි. Sinhala Revised Old Version මොව්හු ලෙයාගේ පුත්‍රයෝය, ඈ ඔවුන් සහ යාකොබ්ගේ දුවවූ දීනාද පදන්-අරාමේදී ඔහු නිසා බිහිකළාය. ඔහුගේ සියලු පුත්‍රයොත් දූවරුන් තිස් තුන් දෙනෙක්ය. |
මොහු පදන්-අරාම්හි අරමීය ජාතික බෙතුයෙල්ගේ දුව හා අරමීය ජාතික ලාබන්ගේ සොහොයුරිය ද වන රෙබෙකා සිය බිරිඳ මෙන් සරණපාවාගන්න කල්හි ඔහුගේ වයස අවුරුදු සතළිසකි.
ලෙයාගේ පුත්‍රයෝ නම්, ජාකොබ්ගේ කුලුඳුලා වන රූබන්, සිමියොන්, ලෙවී, ජුදා, ඉස්සාකර් සහ සාබුලොන් ය.