එවිට ඔහු තම සොහොයුරන්ට කතා කොට, “මාගේ මුදල් ආපසු දමා ඇත. බලන්න, එය මාගේ ගෝණිය තුළ ය”යි කී විට, ඔවුන්ගේ සිත් වියවුල් වී, ඔව්හු බියෙන් එකිනෙකා අමතමින්, “දෙවියන් වහන්සේ අපට කළ මේ දේ කුමක් දැ”යි කියන්නට වූ හ.
උත්පත්ති 42:29 - Sinhala New Revised Version ඔව්හු කානාන් දේශයේ තම පියා වන ජාකොබ් වෙත පැමිණ තමන්ට සිදුවූ සියල්ල ම ඔහුට දන්වමින්, Sinhala New Revised Version 2018 ඔව්හු කානාන් දේශයේ තම පියා වන ජාකොබ් වෙත පැමිණ තමන්ට සිදුවූ සියල්ල ම ඔහුට දන්වමින්, Sinhala Revised Old Version ඔව්හු කානාන් දේශයට තමන්ගේ පියවූ යාකොබ් වෙතට අවුත් තමන්ට සිදුවූ සියල්ල ඔහුට දන්වමින්: |
එවිට ඔහු තම සොහොයුරන්ට කතා කොට, “මාගේ මුදල් ආපසු දමා ඇත. බලන්න, එය මාගේ ගෝණිය තුළ ය”යි කී විට, ඔවුන්ගේ සිත් වියවුල් වී, ඔව්හු බියෙන් එකිනෙකා අමතමින්, “දෙවියන් වහන්සේ අපට කළ මේ දේ කුමක් දැ”යි කියන්නට වූ හ.
“තවද, අපි ඔබේ දාසයා වන මාගේ පියා වෙත පැමිණි විට, මාගේ ස්වාමියා කී දේ ඔහුට සැළ කෙළෙමු.
ඔහුට කතා කොට, “ජෝසෙප් තව ම ජීවත් ව සිටියි. ඇරත් මුළු මිසර දේශයට ම අධිපති ඔහු ය”යි සැළ කළහ. ජාකොබ් ද පුදුමයට පත්වී ඔවුන් විශ්වාස නො කෙළේ ය.