උත්පත්ති 41:21 - Sinhala New Revised Version උන් කා දැමූ පසු, උන් කෑ බවක් දැනගන්නට වත් බැරි විය. මන්ද, කලින් සිටියාක් මෙන් ම අවලස්සන තත්ත්වයක සිටි නිසා ය. එවිට මම පිබිදුණෙමි. Sinhala New Revised Version 2018 උන් කා දැමූ පසු, උන් කෑ බවක් දැනගන්නට වත් බැරි විය. මන්ද, කලින් සිටියාක් මෙන් ම අවලස්සන තත්ත්වයක සිටි නිසා ය. එවිට මම පිබිදුණෙමි. Sinhala Revised Old Version මෙසේ උන් කාදැමූ පසුත් කෑ බවක් දැනගන්ට නොතිබුණේය; උන්ගේ පෙනීම මුලදී මෙන්ම අවලක්ෂණව තිබුණේය. එවිට මම පිබිදුණෙමි. |
උන්ට පසුව, අවලස්සන, කැහැටු, තව එළදෙන්නු හත්දෙනෙක් ගඟින් නැඟී අවුත්, ගං ඉවුරේ පෙර කී එළදෙන්නු ළඟ සිටගත්හ.
දේශයේ සෑම තැනම සෙනඟට සොයාගත හැකි කෑම සියල්ලක්ම ඔවුන් කන නමුත්, ඒවා පැහැරගෙන කන නමුත්, ඔවුන්ගේ කුසගින්න නොනිවෙන්නේ ය. ඔවුහු තම දරුවන්ගේ මාංසය වුව ද කන්නෝ ය.
තවද, උන් වහන්සේ කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, මා නුඹට දෙන මේ පොත අනුභව කර නුඹේ කුස පුරවා ගන්නැ”යි මට වදාළ සේක. මම එය අනුභව කෙළෙමි; එය මාගේ කටට මී පැණි මෙන් මිහිරි ව තිබිණි.