ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 37:9 - Sinhala New Revised Version

තවද, ඔහු තවත් සිහිනයක් දැක, එය ද තම සොහොයුරන්ට දන්වමින්, “මේ අහන්න, මම තවත් සිහිනයක් දිටිමි. පුදුමයකි, ඉර, හඳ හා තාරකා එකොළහක් මට නැමී ආචාර කෙළේ ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

තවද, ඔහු තවත් සිහිනයක් දැක, එය ද තම සොහොයුරන්ට දන්වමින්, “මේ අහන්න, මම තවත් සිහිනයක් දිටිමි. පුදුමයකි, ඉර, හඳ හා තාරකා එකොළහක් මට නැමී ආචාර කෙළේ ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහු තව ස්වප්නයක් දැක ඒක තමාගේ සහෝදරයන්ට කියනුයේ: බලව, මම තවත් ස්වප්නයක් දුටිමි. ඉරද සඳද තාරකා එකොළසක්ද මට වැන්දෝයයි කීවේය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 37:9
19 හුවමාරු යොමු  

එදින රාත්‍රියේ දෙවියන් වහන්සේ ස්වප්නයකින් අබිමෙලෙක්ට දර්ශනය වී, “නුඹ ගත් ස්ත්‍රිය විවාහක ස්ත්‍රියක වන හෙයින් නුඹ මැරෙන්නෙහි ය”යි වදාළ සේක.


තවද, ජෝසෙප් තම පියාටත්, තම සහෝදරයන්ටත් එය දැන්වී ය. එවිට ඔහුගේ පියා ඔහුට බැණ වදිමින්, “නුඹ දුටු මේ සිහිනයේ තේරුම කුමක් ද? ඇත්තට ම, නුඹේ අම්මාත්, නුඹේ සහෝදරයෝත්, මමත් බිමට නැමී නුඹට ආචාර කරන්ට එන්නෙමු දැ”යි ඇසී ය.


මෙන්න, අපි කෙතෙහි ගොයම් මිටි බඳිමින් සිටියෙමු. එවිට, පුදුමයකි, මාගේ ගොයම් මිටිය නැඟිට කෙළින් සිටියේ ය. ඔබ හැමගේ ගොයම් මිටි, එය වටේට සිටගෙන, මාගේ ගොයම් මිටියට නැමී ආචාර කෙළේ ය”යි කීවේ ය.


එවිට ඔහුගේ සහෝදරයෝ, “ඇත්තට ම ඔබ අප කෙරෙහි රජකම් කරන්නට යන්නෙහි ද? සැබැවින් ම ඔබ අප කෙරෙහි අධිපති බලය පාන්න යන්නෙහි දැ”යි ඇසූ හ. එබැවින් ඔව්හු මේ සිහින නිසාත්, ඔහුගේ කියුම් නිසාත් ඔහුට තව තවත් වෛර කළහ.


එවිට ජෝසෙප් පාරාවෝට කතා කොට, “පාරාවෝ දුටු සිහිනවල ඇත්තේ එක ම තේරුමකි. දෙවියන් වහන්සේ කරන්න යන දෙය පාරාවෝට පෙන්වා දුන් සේක.


තවද, ඔබට ඒ සිහිනය දෙවරක් ම පෙනුණේ, දෙවියන් වහන්සේ දැනට ම මේ සිද්ධිය නියම කර තිබෙන නිසාත්, නුදුරු අනාගතයේ දී එය සිදුවෙන්නට උන් වහන්සේ සලසන නිසාත් ය.


ජෝසෙප් රටේ අධිපති වූවාක් මෙන් ම, රටේ මිනිසුන් සියල්ලන්ට ම ධාන්‍ය විකුණුවේ ද ඔහු ය. ඔහුගේ සහෝදරයෝ පැමිණ, ඔහු ඉදිරියෙහි මුණින්තලා වී වැන්දා හ.


ජෝසෙප් ගෘහයට පැමිණි විට ඔව්හු තමන් ළඟ තිබූ තෑග්ග ඔහුට පිරිනමමින් බිමට නැමී වැන්දා හ.


ඔව්හු ද පිළිතුරු දෙමින්, “ඔබේ දාසයා වූ අපේ පියා හොඳ සනීපයෙන් සිටී; ඔහු තව ම ජීවත් ව සිටින්නේ ය”යි කියා හිස පහත් කොට නමස්කාර කළහ.


මෙසේ ජුදා සහ ඔහුගේ සහෝදරයන් ජෝසෙප්ගේ ගෘහයට ආපසු පැමිණි විට ජෝසෙප් එතෙක් එහි සිටියෙන්, ඔව්හු ඔහු ඉදිරියෙහි බිම වැටී වැන්දා හ.


‘නුඹලාට පියෙක් හෝ සහෝදරයෙක් හෝ සිටී දැ’යි මාගේ ස්වාමීන් වන ඔබ දාසයන් වන අපෙන් ඇසුවෙහි ය.


“ඔබ සැම කඩිනම් කොට මා පියා වෙත ගොස් ඔහුට කතා කොට, ඔබේ පුත්‍රයා වන ජෝසෙප් මෙසේ පවසයි: ‘දෙවියන් වහන්සේ මුළු මිසරයේ අධිපති වශයෙන් මා පත් කළ සේක. පමා නොවී මා වෙත පැමිණෙන්න.


එවිට ජෝසෙප් තම රථය සූදානම් කොට, තම පියා වන ජාකොබ් හමු වීමට ගෝෂෙන් බලා ගියේය. තම පියා දුටු කෙණෙහි ම ඔහු ඔහුගේ ගෙල බදාගෙන බොහෝ වේලාවක් ගෙල මත හැඬී ය.


තවද, ජෝසෙප් තම පියාට ද, සහෝදරයන්ට හා පියාගේ ගෙවැසියන් සියලු දෙනාට ද ඔවුන්ගේ පවුල් අනුව ආහාර සපයා දුන්නේ ය.


එය අහස් සේනාව කෙරෙහි ද බලය පා, ඒ සේනාවන් සමහරක් ද තාරකාවලින් සමහරක් ද පොළොවට හෙළා පාගාදැමුවේ ය.


එවිට උන් වහන්සේ කතා කොට, “මා වදනට සවන් දෙන්න; දිවැසිවරු ඔබ අතර සිටිත් නම්, සමිඳුන් ඔවුන්ට ප්‍රකාශ වනුයේ දර්ශනවලිනි; ඔවුන්ට කතා කරනුයේ සිහිනවලිනි:


එවිට ඔබ නිදොස් හා අහිංසක වන්නහු ය. ඔබ වංක, හිතුවක්කාර පරම්පරාවක් මධ්‍යයෙහි, දෙවියන් වහන්සේගේ නිර්දෝෂ දරුවන් ව,