‘මේ සත්තු ඔබ සහෝදර ජාකොබ්ගේ ය, මා ස්වාමීන් වන ඒසව් වෙත ඔහු එවන තෑග්ගකි. ඇරත් ඔහු ද අප පසුපස්සේ එන්නේ ය’යි කියන්නැ”යි අණ කෙළේ ය.
උත්පත්ති 32:19 - Sinhala New Revised Version මෙසේ ඔහු දෙවැනියාටත්, තුන්වැනියාටත්, සතුන් රංචු දක්කාගෙන ගිය සියල්ලන්ටත් අණ කරමින්, “නුඹලාට ඒසව් මුණගැසුණු විට ඔහුට මෙලෙස කියන්න. Sinhala New Revised Version 2018 මෙසේ ඔහු දෙවැනියාටත්, තුන්වැනියාටත්, සතුන් රංචු දක්කාගෙන ගිය සියල්ලන්ටත් අණ කරමින්, “නුඹලාට ඒසව් මුණගැසුණු විට ඔහුට මෙලෙස කියන්න. Sinhala Revised Old Version ඔහු දෙවෙනියාටත් තුන්වෙනියාටත් රංචු පස්සේ යන සියල්ලන්ටත් අණකරමින්: ඒසව් සම්බවූ කල නුඹලා එයාකාරයෙන් ඔහුට කථාකර– |
‘මේ සත්තු ඔබ සහෝදර ජාකොබ්ගේ ය, මා ස්වාමීන් වන ඒසව් වෙත ඔහු එවන තෑග්ගකි. ඇරත් ඔහු ද අප පසුපස්සේ එන්නේ ය’යි කියන්නැ”යි අණ කෙළේ ය.
ඇරත්, ‘ඔබේ සේවක ජාකොබ් අපට පිටුපසින් එන්නේ ය’ කියා ද පවසන්නැ”යි කීවේ ය. මන්ද, ‘මට පෙරටුව යවන තෑග්ගෙන් ඔහුගේ සිත දිනාගත් පසු මට ඔහු මුණගැසෙන්න හැකි වනු ඇතැ යි ද, එවිට, ඔහු මා පිළිගන්නේ ය’යි ද ඔහු සිතී ය.
එසේ කර ඈ වැඩකාරයන් අමතා, “ඔබ මට පෙරටුව යන්න. මම ඔබ පස්සෙන් එන්නෙමි”යි කීවා ය. ඒ ගැන කිසිවක් ඈ සිය පුරුෂයාට කීවේ නැත.