තවද, ඔහු, මුලින් ම ගිය මෙහෙකරු අමතා, “මාගේ සොහොයුරු ඒසව් ඔබ හමු වී, ‘ඔබ කාගේ කවු ද? ඔබ යන්නේ කොහේ ද? ඔබට පෙරටුව දක්කාගෙන යන මේ සත්තු කාගේ ද?’ කියා ඇසූ විට,
උත්පත්ති 32:18 - Sinhala New Revised Version ‘මේ සත්තු ඔබ සහෝදර ජාකොබ්ගේ ය, මා ස්වාමීන් වන ඒසව් වෙත ඔහු එවන තෑග්ගකි. ඇරත් ඔහු ද අප පසුපස්සේ එන්නේ ය’යි කියන්නැ”යි අණ කෙළේ ය. Sinhala New Revised Version 2018 ‘මේ සත්තු ඔබ සහෝදර ජාකොබ්ගේ ය, මා ස්වාමීන් වන ඒසව් වෙත ඔහු එවන තෑග්ගකි. ඇරත් ඔහු ද අප පසුපස්සේ එන්නේ ය’යි කියන්නැ”යි අණ කෙළේ ය. Sinhala Revised Old Version උන් ඔබගේ මෙහෙකරුවූ යාකොබ්ගේය; උන් මාගේ ස්වාමිවූ ඒසව්ට එවනලද තෑග්ගක්ය. ඔහුද අප පස්සෙන් එන්නේයයි කියන්නැයි කීවේය. |
තවද, ඔහු, මුලින් ම ගිය මෙහෙකරු අමතා, “මාගේ සොහොයුරු ඒසව් ඔබ හමු වී, ‘ඔබ කාගේ කවු ද? ඔබ යන්නේ කොහේ ද? ඔබට පෙරටුව දක්කාගෙන යන මේ සත්තු කාගේ ද?’ කියා ඇසූ විට,
මෙසේ ඔහු දෙවැනියාටත්, තුන්වැනියාටත්, සතුන් රංචු දක්කාගෙන ගිය සියල්ලන්ටත් අණ කරමින්, “නුඹලාට ඒසව් මුණගැසුණු විට ඔහුට මෙලෙස කියන්න.