ආබ්‍රහම් උත්තර දෙමින්, “ඇත්තෙන් ම දෙවියන් වහන්සේට බිය ඇති කෙනෙකු මෙහි නොසිටින බැවින් මාගේ භාර්යාව ලබාගැනීමට ඔවුන් මා මරාදමනු ඇතැ යි මම සිතුවෙමි.
උත්පත්ති 31:31 - Sinhala New Revised Version එවිට ජාකොබ් ඔහුට උත්තර දෙමින්, “ඔබ බලහත්කාරයෙන්, ඔබේ දූවරුන් මාගෙන් පැහැරගන්නට තැත් කරති යි කියා මම බිය වුණෙමි. Sinhala New Revised Version 2018 එවිට ජාකොබ් ඔහුට උත්තර දෙමින්, “ඔබ බලහත්කාරයෙන්, ඔබේ දූවරුන් මාගෙන් පැහැරගන්නට තැත් කරති යි කියා මම බිය වුණෙමි. Sinhala Revised Old Version යාකොබ් උත්තරදෙමින්: නුඹ බලාත්කාරයෙන් නුඹේ දූවරුන් මා කෙරෙන් පැහැරගන්නෙහි දෝහෝයි සිතා මා භයවූ නිසාය. |
ආබ්‍රහම් උත්තර දෙමින්, “ඇත්තෙන් ම දෙවියන් වහන්සේට බිය ඇති කෙනෙකු මෙහි නොසිටින බැවින් මාගේ භාර්යාව ලබාගැනීමට ඔවුන් මා මරාදමනු ඇතැ යි මම සිතුවෙමි.
ඔබේ පියාගේ ගෘහය බලා යෑමට ඔබට බලවත් ආශාවක් ඇති වූ නිසා, පිටත් ව ගිය බව මම දනිමි. එහෙත්, ඔබ මා සතු කුල දේවතා රූප සොරාගත්තේ මන්දැ”යි ඇසී ය.
එහෙත්, ඔබ සතු කුල දේවතා රූප යමෙකු ළඟ තිබී ඔබට සම්බ වේ ද, ඒ තැනැත්තා ජීවතුන් අතර නොසිටියාවේ. අප පිරිස ඉදිරිපිට අප ළඟ ඇති දේ සොයා බලා, ඔබට සතු දේ ගන්නැ”යි කී ය. එහෙත්, රාකෙල් ඒ කුල දේවතා රූප සොරාගත් බව ජාකොබ් දැන සිටියේ නැත.