මෙලෙසින් ජාකොබ් අතිශයින් ධනවත් විය. ඔහුට බොහෝ එළු බැටළු රැළවල් ද දාස දාසීහු ද ඔටුවෝ ද කොටළුවෝ ද වූ හ.
උත්පත්ති 31:1 - Sinhala New Revised Version “ජාකොබ් අපේ පියා සතු සියල්ල පැහැරගත්තේ ය. අපේ පියා සතු දෙයින් ඔහු තම සියලු සම්පත් ලබා ගත්තේ ය” කියා ලාබන්ගේ පුතුන් කියනු ජාකොබ්ට ඇසිණි. Sinhala New Revised Version 2018 “ජාකොබ් අපේ පියා සතු සියල්ල පැහැරගත්තේ ය. අපේ පියා සතු දෙයින් ඔහු තම සියලු සම්පත් ලබා ගත්තේ ය” කියා ලාබන්ගේ පුතුන් කියනු ජාකොබ්ට ඇසිණි. Sinhala Revised Old Version යාකොබ් අපේ පියා සන්තකවූ සියල්ලම පැහැරගත්තේය; අපේ පියාට තිබුණු දෙයින් මේ සියලු සම්පත ඔහු ලබාගත්තේයයි ලාබන්ගේ පුත්‍රයන් කී වචන යාකොබ්ට ඇසුණේය. |
මෙලෙසින් ජාකොබ් අතිශයින් ධනවත් විය. ඔහුට බොහෝ එළු බැටළු රැළවල් ද දාස දාසීහු ද ඔටුවෝ ද කොටළුවෝ ද වූ හ.
ඇරත් තමා කෙරෙහි ඔහු කලින් මෙන් ප්‍රිය මනාප නො වූ බව ලාබන්ගේ මුහුණින් ම ජාකොබ්ට පෙනී ගියේය.
එවිට ලාබන් ද ජාකොබ්ට පිළිතුරු දෙමින්, “මේ දූවරු මාගේ දූවරු ය; මේ මුණුබුරෝ මාගේ මුණුබුරෝ ය; මේ සිවුපාවෝ මාගේ සිවුපාවෝ ය. ඔබට පෙනෙන සියල්ල ද මාගේ ය. ඉතින් මේ දූවරුන්ටත්, ඔවුන් බිහි කළ ඔවුන්ගේ දරුවන්ටත් අද දින මා විසින් කුමක් කළ හැකි ද?
ඇරත්, මිසරයේ මාගේ ශ්‍රේෂ්ඨතම පදවියත්, ඔබ දුටු සියල්ලත් පියාට දන්වා, හනික ගොස් මාගේ පියා මෙහි කැඳවා ගෙන එන්නැ”යි කීවේ ය.
තමාගේ වස්තුවේ යස ඉසුරු ගැන ද, දරුවන් සමූහය ගැන ද, රජු විසින් තමා උසස් කරනු ලැබූ හැටි ද රජුගේ සෙසු අධිපතීන්ටත් සේවකයන්ටත් වඩා තමා උසස් කරනු ලැබූ හැටි ද යනාදී සියල්ල ගැන පුරසාරම් දෙඩුවේ ය.
ඔබේ බලය පා ඔවුන්ගෙන් මා ගැළෙවුව මැනව. දුදනන්ගේ පල විපාක මෙලොව දී ම ඔවුන්ට ලැබෙනු ඇත. ඔවුන්ට නියම කොට ඇති දුක් පීඩාවලින් ඔවුන්ට දඬුවම් කළ මැනව; ඒ දඬුවම ඔවුන්ගේ දරුවන්ට ද ඉතිරි කොටස දරුවන්ගේ දරුවන්ට ද දුන මැනව.
මිනිසුන් කන සිංහයන් වැනි රුපුන් මැද මම වැතිර සිටින්නෙමි. උන්ගේ දත් හෙල්ල හා ඊගස් වැන්න; උන්ගේ දිව් මුවහත් අසිපත් වැන්න.
තවද, මිනිසෙකු අධික වීර්යයෙන් දක්ෂ ලෙස කටයුතු කරන්නේ, සිය අසල්වැසියා කෙරේ ඇති ඊර්ෂ්‍යාව නිසා බව මම දිටිමි. මෙය ද නිසරු කාර්යයකි. සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමකි.
පාතාල ලෝකය ඔවුන් ගිලින්න කට අයාගෙන සිටියි. එය ජෙරුසලමේ ප්‍රභූවරුන් ද කෑ කෝ ගසන කලබලකාරී පොදු සමූහයා ද ගිලගනියි.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නැණවතා තමාගේ නුවණ ගැන වත්, බලවතා තමාගේ බලය ගැන වත්, ධනවතා තමාගේ ධනය ගැන වත් පාරට්ටු කර නොගනී වා!
යළිත් යක්ෂයා උන් වහන්සේ ඉතා උස් කන්දකට පමුණුවා, ලෝකයේ සියලු රට රාජ්‍යයන් සහ ඒවායේ යසශ්‍රිය උන් වහන්සේට පෙන්වා,
උඩඟුකමින් පිරුණු තැනැත්තෙකි; ඔහු සෑම දේ ගැන සැක කිරීමෙන් ද, වචන ගැන ප්‍රශ්න කිරීමෙන් ද උමතු වූවෙකි. එයින් ඊර්ෂ්‍යාව ද කලහ ද අපහාසය ද කූට අවිශ්වාසය ද
මන්ද, අපිත් වරක් අඥාන ව, අකීකරු ව සිටියෙමු. මුළා ව ගොස්, අනේකාකාර තෘෂ්ණාවලටත්, සැප සෙල්ලමටත් වහල් ව සිටියෙමු. කුඩුකේඩුකමිනුත් ඊර්ෂ්‍යාවෙනුත් හැසිරෙමින්, අන්‍යයන්ගේ වෛරය ලැබීමට සුදුස්සන් ව එකිනෙකාට වෛර කරමින් සිටියෙමු.
මන්ද “සියලු මනුෂ්‍ය වර්ගයා තණ පත් මෙනි, ඔවුන්ගේ සකල තේජස තණ මල මෙනි; තණ කොළ වියළෙයි, මල වැටී යයි,