එවිට ජාකොබ් ඔහු අමතමින්, “ඔබට මම කෙසේ සේවය කෙළෙම් ද කියාත්, ඔබේ ගව පට්ටි මා බාරේ සිටි සැටිත් ඔබ දන්නෙහි ය.
උත්පත්ති 30:5 - Sinhala New Revised Version ඈ ගැබ්ගෙන, ජාකොබ්ට දාව පුතෙකු ලැබුවා ය. Sinhala New Revised Version 2018 ඈ ගැබ්ගෙන, ජාකොබ්ට දාව පුතෙකු ලැබුවා ය. Sinhala Revised Old Version බිල්හා ගර්භිණීව යාකොබ් නිසා පුත්‍රයෙකු බිහිකළාය. |
එවිට ජාකොබ් ඔහු අමතමින්, “ඔබට මම කෙසේ සේවය කෙළෙම් ද කියාත්, ඔබේ ගව පට්ටි මා බාරේ සිටි සැටිත් ඔබ දන්නෙහි ය.
මෙසේ කියා ඈ තම සේවිකාව වන බිල්හා ජාකොබ්ට බිරිඳ වශයෙන් පාවා දුන්නා ය. ඔහු ද ඈ සමඟ එක් වුණි.
එවිට රාකෙල්, “දෙවියන් වහන්සේ මට යුක්තිය ඉටු කළ සේක. උන් වහන්සේ මාගේ හඬටත් සවන් දී, මට පුතෙකු දුන් සේකැ”යි කියා ඔහුට දාන් යන නාමය තැබුවා ය.
තවද, ඉශ්රායෙල් ඒ රටේ පදිංචි ව සිටිය දී රූබන් ගොස්, තම පියාගේ අනියම් බිරිඳ වන බිල්හා සමඟ සැතපුණේ ය. ඉශ්රායෙල්ට ද එපවත් සැළ විය. ජාකොබ්ට පුත්‍රයෝ දොළොස්දෙනෙක් සිටියහ.
මොවුහු නම් ලාබන් තම දුව වන රාකෙල්ට සේවිකාව වශයෙන් දුන් බිල්හාගේ පුත්‍රයෝ ය. ඈ ජාකොබ්ට දාව මොවුන් ලැබුවා ය. ඒ සියල්ලෝ සත්දෙනෙකි.
අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, දාන්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.
මෙලෙස නුඹට සහාය දෙන්නෝ පහත දැක්වෙන අය වෙත්. එනම්: රූබන්ගේ ගෝත්‍රයෙන් ෂෙදෙවුර්ගේ පුත් එලිශූර් ය.
ආබ්‍රහම්ට දාව ඊසාක් ද, ඊසාක්ට දාව ජාකොබ් ද, ජාකොබ්ට දාව ජූදා සහ ඔහුගේ සහෝදරයෝ ද උපන්හ.
තවද, උන් වහන්සේ ගිවිසුමේ ලකුණක් වශයෙන් චර්මඡේදනය ඔහුට දුන් සේක. මෙසේ ආබ්‍රහම්ට දාව ඊසාක් ද උපන්නේ ය. ආබ්‍රහම් අට වන දා ඔහු චර්මඡේදනය කෙළේ ය. ඊසාක්ට දාව ජාකොබ් ද, ජාකොබ්ට දාව කුලපතියෝ දොළොස් දෙනා ද උපන්හ. ඔව්හු සියල්ලෝ චර්මඡේදනය කරනු ලැබූ හ.