ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 30:39 - Sinhala New Revised Version

මෙසේ ඒ සත්තු, දඬු ඉදිරියෙහි පට්ටි ගැසී, ගැබ්ගෙන, වයිරම් වැටුණු, තිත් සහ පුල්ලි ඇති පැටවුන් බිහි කළහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මෙසේ ඒ සත්තු, දඬු ඉදිරියෙහි පට්ටි ගැසී, ගැබ්ගෙන, වයිරම් වැටුණු, තිත් සහ පුල්ලි ඇති පැටවුන් බිහි කළහ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එසේ කෝටු ඉදිරියේදී ගැබ්ගෙන රේඛා සහ තිත්ද ලපද ඇතිවුන් බිහිකළෝය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 30:39
8 හුවමාරු යොමු  

එළු බැටළු රැළවල් වතුර බොන්න ආ විට, උන් ඉදිරිපිට, වතුර ඔරුවල ඒවා තැබුවේ ය. උන් ද වතුර බොන්න ආ කල පට්ටි ගැසුණි.


පසුව ඔහු බැටළුවන් වෙන් කර ලාබන්ගේ රැළේ සිටි කළු පාට වූ ද, වයිරම් වැටුණා වූ ද සතුන් දෙසට ඔවුන් හැරෙව්වේ ය. ඇරත් ඔහු තමාගේ පට්ටි, ලාබන්ගේ සතුන් සමඟ මිශ්‍ර නොකර, උන් වෙන් කොට තැබී ය.


මේ අවුරුදු විස්ස මම ඔබ සමඟ සිටියෙමි. ඔබේ බැටළු දෙනුන් හා එළු දෙනුන්ගෙන් කිසිවෙකු ගබ්සා වූයේ නැත. ඇරත් ඔබේ රැළවල, එක බැටළුවෙක් වත් මම නොකෑවෙමි.


දවල් කාලයේ දී අවු රස්නයෙන් ද රාත්‍රි කාලයේ දී ශීතලයෙන් ද මම වැහැරී ගියෙමි. නින්ද පවා මාගේ ඇස්වලින් බැහැර ගියේය.


මාගේ පියාගේ දෙවියන් වහන්සේ ද ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක් භය භක්තිය වූ දෙවියන් වහන්සේ ද මා සමඟ නොසිටි සේක් නම්, ඔබ දැන් මා හිස් අතින් පිටත් කර හරිනවා සිකුරුයි. එහෙත්, දෙවියන් වහන්සේ මාගේ දුක් පීඩාවත්, මාගේ අත්වල ශ්‍රමයත් දැක ඊයේ රෑ ඔබට තරවටු කළ සේකැ”යි කීවේ ය.


‘ඔබේ කුලිය පුල්ලි වැටුණු සතුන්ය’යි ඔහු කී විට සත්තු සියල්ලෝ ම පුල්ලි වැටුණු පැටවුන් ගැසූ හ. ‘ඔබේ කුලිය වයිරම් වැටුණු සතුන්ය’යි ඔහු කී විට සත්තු සියල්ලෝ ම වයිරම් වැටුණු පැටවුන් ගැසූ හ.