ඈ නැවතත් පුතෙකු ලැබුවා ය. “මා මාගේ ස්වාමි පුරුෂයා හට පුතුන් තිදෙනෙකු දුන් බැවින් දැන් වත් ඔහු මට ඇලුම් වන්නේ ය” කියා ඈ ඔහුට ලෙවී යන නම තැබුවා ය.
උත්පත්ති 30:20 - Sinhala New Revised Version “දෙවියන් වහන්සේ මට මහඟු දායාදයක් දුන් සේක. මාගේ සැමියාට දාව මා පුතුන් සය දෙනෙකු ලැබූ බැවින් දැන් වත් ඔහු මට ගරු කරන්නේ ය”යි කියා ඈ තම පුතුට සාබුලොන් යන නාමය දුන්නා ය. Sinhala New Revised Version 2018 “දෙවියන් වහන්සේ මට මහඟු දායාදයක් දුන් සේක. මාගේ සැමියාට දාව මා පුතුන් සය දෙනෙකු ලැබූ බැවින් දැන් වත් ඔහු මට ගරු කරන්නේ ය”යි කියා ඈ තම පුතුට සාබුලොන් යන නාමය දුන්නා ය. Sinhala Revised Old Version ඈ: දෙවියන්වහන්සේ උතුම් දායාදයක් මට දී තිබේ; මාගේ පුරුෂයා නිසා මා පුත්‍රයන් සදෙනෙකු බිහිකළ බැවින් ඔහු මා සමඟ වසන්නේය කියා ඔහුට සාබුලොන් යන නාමය තැබුවාය. |
ඈ නැවතත් පුතෙකු ලැබුවා ය. “මා මාගේ ස්වාමි පුරුෂයා හට පුතුන් තිදෙනෙකු දුන් බැවින් දැන් වත් ඔහු මට ඇලුම් වන්නේ ය” කියා ඈ ඔහුට ලෙවී යන නම තැබුවා ය.
ඈ රාකෙල්ට උත්තර දෙමින්, “ඔබ මාගේ සැමියා පාවාගත්තා මදි ද? දැන් මා පුතුන්ගේ දුදායිම් පැළ ටිකත් පැහැරගන්න ද යන්නේ” කියා කීවා ය. එවිට රාකෙල් ද, “හොඳයි, එසේ නම් ඔබ පුතුන්ගේ දුදායිම් පැළ මට දුන්නොත් අද රාත්‍රියේ මාගේ සැමියා සමඟ ඔබට සැතපෙන්නට පුළුවනැ”යි කීවා ය.
තරුණිය මට භාර්යාව කොට දෙන්නහු නම්, ඉතා විශාල දායාදයක් හා තෑගි බෝග මාගෙන් ඉල්ලන්න, ඔබ මාගෙන් ඉල්ලන ඕනෑ ම දෙයක් මම ඔබට දෙන්නෙමි”යි කීවේ ය.
ලෙයාගේ පුත්‍රයෝ නම්, ජාකොබ්ගේ කුලුඳුලා වන රූබන්, සිමියොන්, ලෙවී, ජුදා, ඉස්සාකර් සහ සාබුලොන් ය.
සාබුලොන් වසන්නේ මූදුබඩ ය, ඔහුගේ වෙරළ නැව්වලට වරායකි, සීදොන් දක්වා, දේශ සීමා දික් වේ,
කුඩා ම පෙළපත වන බෙන්ජමින්ගේ පෙළපත මුලින් ම ගමන් කරන්නෝ ය. ඉන්පසු ජුදාගේ ද සාබුලොන්ගේ ද නප්තලීගේ ද කුමරුවෝ ගමන් කරන්නෝ ය.
එහෙත්, ඇයගේ පියා ඔහුට ඇය විවාහ කර දීමට කොහෙත් ම කැමැති නැත්නම් ඔහු කන්‍යාවකට දිය යුතු මුදලට සම මුදලක් ගෙවිය යුතුයි.
උන් වහන්සේ නාසරෙත් නුවර හැර සාබුලොන් සහ නප්තලී පෙදෙසෙහි මුහුදුබඩ පිහිටි කපර්ණවුමට පැමිණ එහි විසූ සේක.
ඒබාල් කන්ද මත සෙනඟට සාප කරන පිණිස, රූබන් සහ ගාද් ද ආෂෙර් සහ සාබුලොන් ද දාන් සහ නප්තලී ද යන අයගේ ගෝත්‍ර සිටිය යුතු ය.
බාරාක් සාබුලොන්වරුන් ද නප්තලීවරුන් ද කෙදෙෂ්ට කැඳවා ගත්තේ ය; මිනිස්සු දසදහසක් ඔහු කැටුව ගියෝ ය. දෙබොරාත් ඔහු සමඟ ගියා ය.
ඔව්හු එප්‍රායිම් සිට මිටියාවතට ආහ, බෙන්ජමින් ගෝත්‍රයේ සෙනඟ ඔවුන්ට එක් වූ හ: මාකීර් කෙරෙන් සෙනෙවියෝ ද සාබුලොන් කෙරෙන් නිල යෂ්ටිය දරන්නෝ ද නිලධාරීහු ද පැමිණිය හ.
එවිට සාවුල් සේවකයන්ට අණ කරමින්, “රජ්ජුරුවන්ගේ සතුරන්ගෙන් පළිගන්න පිණිස පිලිස්තිවරුන් සිය දෙනෙකුගේ චර්මාග්‍ර මිස රජ්ජුරුවන්ට අන් කිසි දායාදයක් වුවමනා නැත කියා දාවිත්ට කියන්නැ”යි කී ය. සාවුල් පිලිස්තිවරුන්ගේ අතින් දාවිත් මරවන්නට අදහස් කෙළේ මේ අයුරින් ය.