දෙවි සමිඳාණන් වහන්සේ මැවූ වනයේ සියලු සතුන්ට වඩා සර්පයා උපායෙහි දක්ෂ විය. ඌ ස්ත්‍රියට කතා කොට, “උයනේ කිසි ම ගහක ගෙඩි කන්නට එපා කියා දෙවියන් වහන්සේ කළ තහනම ඇත්ත දැ”යි ඇසී ය.
උත්පත්ති 3:14 - Sinhala New Revised Version එවිට දෙවි සමිඳාණන් වහන්සේ සර්පයාට කතා කොට මෙසේ වදාළ සේක: “තා මෙය කළ බැවින් සියලු ගමහිෂයන්ට ද වනයේ සියලු මෘගයන්ට ද වඩා තෝ සාප ලද්දෙක් වේ වා! දිවි ඇති තාක් උර ගා යමින් තෝ දූවිලි කන්නෙහි ය. Sinhala New Revised Version 2018 එවිට දෙවි සමිඳාණන් වහන්සේ සර්පයාට කතා කොට මෙසේ වදාළ සේක: “තා මෙය කළ බැවින් සියලු ගවමහිෂයන්ට ද වනයේ සියලු මෘගයන්ට ද වඩා තෝ සාප ලද්දෙක් වේ වා! දිවි ඇති තාක් උර ගා යමින් තෝ දූවිලි කන්නෙහි ය. Sinhala Revised Old Version එවිට ස්වාමිවූ දෙවියන්වහන්සේ සර්පයාට කථාකොට: තා මේක කළ බැවින් සියලු තිරිසනුන්ටත් වනයේ සියලු සත්වයන්ටත් වඩා තෝ ශාප ලද්දෙක්ය; තෝ බඩගායමින් තාගේ ජීවිතයේ සියලු දවස්වලම ධූලි කන්නෙහිය. |
දෙවි සමිඳාණන් වහන්සේ මැවූ වනයේ සියලු සතුන්ට වඩා සර්පයා උපායෙහි දක්ෂ විය. ඌ ස්ත්‍රියට කතා කොට, “උයනේ කිසි ම ගහක ගෙඩි කන්නට එපා කියා දෙවියන් වහන්සේ කළ තහනම ඇත්ත දැ”යි ඇසී ය.
මින් මතු නුඹ පොළෝ තලය මත සාප ලද්දෙක් වේ වා! නුඹ අතින් හෙළූ නුඹේ සහෝදරයාගේ ලෙය උරා බීමට මෙන් පොළොව කට අයාගෙන ඇත. එම පොළොවෙන් නුඹ නෙරපාදමනු ඇත.
මිනිසා, මිනිසෙකුගේ ලේ වගුරුවයි ද ඔහුගේ ලේ ද මිනිසෙකු විසින් ම වගුරුවනු ලැබේ. ඒ මන්ද, මිනිසා, දෙවියන් වහන්සේගේ ස්වරූපය අනුව මවනු ලැබූ බැවිනි.
එතුමන් අබිමුව මරුකතර වැසියෝ වැඳ වැටෙන්නෝ ය; එතුමාගේ සතුරෝ මුණින්තළා වී වැඳ වැටෙන්නෝ ය;
ජෙරුසලම, පොළොව යට සිට කතා කරන්න දඟලන අවතාරයක් මෙන් ද දූවිල්ලෙන් නැඟී එන මුකවාඩමක් දමන ලද හඬක් මෙන් ද වන්නේ ය. ගැඹුරු පොළෝ තලයෙන් ඔබේ හඬ ඇසෙන්නේ ය; දූවිල්ල යටින් ඔබේ වචන නික්මෙන්නේ ය.
වෘකයා ද බැටළු පැටවා ද එකට තණ බුදිති; හරකා මෙන් සිංහයා පිදුරු කයි; ධූලි සර්පයාට කෑම වෙයි. මාගේ ශුද්ධ කන්දේ සීමා ඇතුළත කිසි අනතුරක් වත්, විනාශයක් වත් නොවන්නේ ය.”
එබැවින් පවිත්‍ර සතුන් හා අපවිත්‍ර සතුන් ද පවිත්‍ර පක්ෂීන් හා අපවිත්‍ර පක්ෂීන් ද නුඹලා වෙන් කොට සැලකිය යුතු ය. මා අපවිත්‍ර යයි වෙන් කළ සතුන්ගේ හෝ පක්ෂීන්ගේ හෝ බඩගා යන සතුන්ගේ හෝ මාංස අනුභව කොට නුඹලා මට පිළිකුල් නොවිය යුතු ය.
ඔවුන් සර්පයන් මෙන් දූවිල්ල ලෙවකනු ඇත. පොළොවේ බඩ ගා යන සතුන් මෙන් ඔවුන්ගේ බලකොටුවලින් වෙවුලමින් නික්ම එනු ඇත. ඔවුන් අපේ දෙවි සමිඳාණන් වෙත බියෙන් ඇලළී එනු ඇත. ඔබ තුමාණන් නිසා බියපත් වනු ඇත.