ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 3:1 - Sinhala New Revised Version

දෙවි සමිඳාණන් වහන්සේ මැවූ වනයේ සියලු සතුන්ට වඩා සර්පයා උපායෙහි දක්ෂ විය. ඌ ස්ත්‍රියට කතා කොට, “උයනේ කිසි ම ගහක ගෙඩි කන්නට එපා කියා දෙවියන් වහන්සේ කළ තහනම ඇත්ත දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දෙවි සමිඳාණන් වහන්සේ මැවූ වනයේ සියලු සතුන්ට වඩා සර්පයා උපායෙහි දක්ෂ විය. ඌ ස්ත්‍රියට කතා කොට, “උයනේ කිසි ම ගහක ගෙඩි කන්නට එපා කියා දෙවියන් වහන්සේ කළ තහනම ඇත්ත දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සර්පයා වනාහි ස්වාමිවූ දෙවියන්වහන්සේ සෑදූ වනයේ කවර සත්වයෙකුටත් වඩා ප්‍රයෝග සහිත වූයේය. ඌද: ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපාය කියා දෙවියන්වහන්සේ කීවාදැයි ස්ත්‍රියගෙන් ඇසීය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 3:1
14 හුවමාරු යොමු  

ඔවුන්ගෙන් කෙනෙකු වැටුණොත් අනික් තැනැත්තා සිය යහළුවා නැඟුටුවනු ඇත. එහෙත්, තමා නැඟුටුවන්න එවැනි කෙනෙකු නැති ව තනි ව සිට වැටෙන්නාට වන විපතක මහත!


ඒ දවසේ දී සමිඳාණන් වහන්සේ තමන්ගේ දැඩි, බලවත්, භයානක කඩුවෙන් ශීඝ්‍රයෙන් වක් වෙමින් යන ලෙවියාතන් නම් මුහුදු සර්පයාට දඬුවම් කර, මුහුදේ සිටින දිය රකුසා මරාදමන සේක.


“සවන් දෙන්න: මම වෘකයන් මැදට බැටළුවන් යවන්නාක් මෙන් ඔබ යවමි. එහෙයින් සර්පයන් මෙන් නැණවත් ව පරෙවියන් මෙන් අහිංසක ව සිටින්න.


එවිට පරීක්ෂාකාරයා උන් වහන්සේ වෙත අවුත්, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් ගෙඩි, පාන් ගෙඩි වන්න අණ කළ මැනවැ”යි කී ය.


“ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම්, පහතට පනින්න; ‘උන් වහන්සේ සිය දූතයන්ට ඔබ ගැන අණ දෙනු ඇත. ඔබේ පය කිසිසේත් ගලක නොවදින පිණිස, ඔව්හු සිය අත්වලින් ඔබ උසුලනු ඇතැ’යි ලියා තිබේ ය”යි උන් වහන්සේට කී ය.


“ඔබ දණින් වැටී මට නමස්කාර කරන්නෙහි නම්, මේ සියල්ල ඔබට දෙන්නෙමි”යි උන් වහන්සේට කී ය.


එය පුදුමයක් නොවේ. සාතන් පවා ආලෝකයේ දූතයෙකු මෙන් වෙස් වළාගනියි.


එහෙත් සර්පයා, සිය උපායෙන් ඒව රැවටුවාක් මෙන්, යම් විධියකින්, ඔබේ සිත් දූෂණය වී, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි පැවති ඔබේ අවංක බව හා නිර්මලතාව පිරිහෙනු ඇත්දැ යි මට භයක් ඇත.


එසේ ම පුරුෂයෙනි, ඔබගේ විවාහ ජීවිතයේ දී ඔබත් ඔබගේ භාර්යාවන් සමඟ අවබෝධයෙන් යුතු ව හැසිරෙන්න. ඔවුන් දුබල පක්ෂය වන බැවින් ඔවුන්ට ගෞරව කරන්න. මන්ද, ඔබ හා සමඟ ඔව්හු ද දෙවියන් වහන්සේ නොමිලයේ දෙන දීමනාව වූ ජීවිතයට හවුල් උරුමක්කාරයෝ වන්නහු ය. එවිට ඔබේ යාච්ඤාවලට බාධා නොපැමිණෙයි.


එවිට සර්පයා ඒ ස්ත්‍රිය සැඬ පාරෙන් ගසාගෙන යන පිණිස, ඇය පස්සෙන් ගංගාවක් මෙන් තමාගේ කටින් වතුර පිට කෙළේ ය.


මහා මකරා පලවා හරින ලදී. ඔහු නම් මුළු ලොව රැවටූ යක්ෂයා හෙවත් සාතන් යයි නම් ලත්, ආදි සර්පයා ය. ඔහු සමඟ ඔහුගේ දූතයෝ ද පොළොවට හෙළනු ලැබුවෝ ය.


ඔහු යක්ෂයා ද සාතන් ද වන පුරාතන සර්පයා හෙවත් ඒ මකරා අල්ලා අවුරුදු දහසකට බැඳ තැබී ය.