පසුව ඔහු කතා කොට, “මාගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවි සමිඳාණන් වහන්සේ, මට කරුණාකර, මෙදින මාගේ ගමන සාර්ථක කර මාගේ ස්වාමියාට කරුණාව දක්වන සේක්වා.
උත්පත්ති 27:20 - Sinhala New Revised Version ඊසාක් තම පුතුට කතා කරමින්, “පුතා, උඹ මේවා මෙතරම් ඉක්මනින් සොයාගත්තේ කෙසේ දැ”යි ඇසී ය. “ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ මේවා මට ඉක්මනින් ලැබෙන්නට සැලැසූ සේකැ”යි ඔහු උත්තර දුනි. Sinhala New Revised Version 2018 ඊසාක් තම පුතුට කතා කරමින්, “පුතා, උඹ මේවා මෙතරම් ඉක්මනින් සොයාගත්තේ කෙසේ දැ”යි ඇසී ය. “ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ මේවා මට ඉක්මනින් ලැබෙන්නට සැලැසූ සේකැ”යි ඔහු උත්තර දුනි. Sinhala Revised Old Version ඊසාක්: මාගේ පුත්‍රය, මෙපමණ ඉක්මනට එය නුඹට සම්බවුණේ කොහොමදැයි තම පුත්‍රයාගෙන් ඇසීය. ඔහු: ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එය ඉක්මනින් ඉෂ්ටවෙන්ට සැලැස්වූ හෙයිනැයි කීය. |
පසුව ඔහු කතා කොට, “මාගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවි සමිඳාණන් වහන්සේ, මට කරුණාකර, මෙදින මාගේ ගමන සාර්ථක කර මාගේ ස්වාමියාට කරුණාව දක්වන සේක්වා.
එවිට ඊසාක් ජාකොබ් අමතමින්, “පුතා, උඹ මේ මාගේ පුත්‍ර ඒසව් ද නැද්දැ යි අතගා බලන්න, කරුණාකර මට කිට්ටු වෙන්නැ”යි කී ය.
“නුඹ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය අගරු ලෙස භාවිතා නොකරව. යමෙක් ඒ නාමය අගරු ලෙස භාවිතා කරන්නේ ද ඔහුට මම දඬුවම් කරමි.”