උත්පත්ති 23:3 - Sinhala New Revised Version පසුව ඔහු ඇයගේ මළසිරුර ළඟින් නැඟිට, හිත්තීවරුන්ට කතා කොට, Sinhala New Revised Version 2018 පසුව ඔහු ඇයගේ මළසිරුර ළඟින් නැඟිට, හිත්තීවරුන්ට කතා කොට, Sinhala Revised Old Version ආබ්‍රහම් තමාගේ මළ තැනැත්තිය ඉදිරියෙන් නැගිට හෙත්ගේ පුත්‍රයන්ට කථාකරමින්: |
යථෝක්ත ඉඩම ආබ්‍රහම්, හිත්තීවරුන්ගෙන් මිලට ගත් එකකි. එහි ආබ්‍රහම් ද ඔහුගේ බිරිඳ වන සාරා ද භූමදාන කරනු ලැබූ හ.
රෙබෙකා ඊසාක්ට කතා කොට, “හෙත්ගේ දූවරුන් නිසා මට ජීවිතය එපා වී තිබේ. ජාකොබ් ද මේ රටේ ස්ත්‍රීන් වැනි, හෙත්ගේ දූවරුන්ගෙන් කාන්තාවක සරණ පාවාගත්තොත් මට මාගේ ජීවිතයෙන් මොන වැඩක්දැ”යි කීවා ය.
එනම්, කානාන් දේශයේ මම්රේ ඉදිරිපිට මක්පේලාගේ ඉඩමෙහි තිබෙන, ආබ්‍රහම් සොහොන් බිමක් වශයෙන් ඉඩමක් සමඟ ඒප්‍රොන්ගෙන් මිලට ගත් ඔහුට අයිති ගුහාවෙහි, මාගේ පියවරුන් ළඟ මා භූමදාන කරන්න.
එවිට දාවිත් හිත්තීය අහිමෙලෙක්ටත් ශෙරුයාගේ පුත් ජෝවාබ්ගේ සහෝදර වූ අබිෂයිටත් කතා කොට, “මා සමඟ සාවුල් ළඟට කඳවුරට යන්නේ කවරෙක් දැ”යි ඇසී ය. “මම ඔබ සමඟ යමි”යි අබිෂයි පිළිතුරු දුන්නේ ය.