එවිට අබිමෙලෙක් ආබ්‍රහම්ගේ බිරිඳ වන සාරා ඔහුට ආපසු දුන්නේ ය. ඒ සමඟ ම බැටළුවන් ද ගවමහිෂයන් ද දාසදාසීන් ද රැගෙන ඔහුට දුන්නේ ය.
උත්පත්ති 21:22 - Sinhala New Revised Version ඒ කාලයෙහි අබිමෙලෙක් තමාගේ සෙන්පති පීකොල් සමඟ විත්, ආබ්‍රහම්ට කතා කොට, “ඔබ කරන සියල්ලෙහි දී දෙවියන් වහන්සේ ඔබ සමඟ ය. Sinhala New Revised Version 2018 ඒ කාලයෙහි අබිමෙලෙක් තමාගේ සෙන්පති පීකොල් සමඟ විත්, ආබ්‍රහම්ට කතා කොට, “ඔබ කරන සියල්ලෙහි දී දෙවියන් වහන්සේ ඔබ සමඟ ය. Sinhala Revised Old Version ඒ කාලයෙහි අබිමෙලෙක් සහ ඔහුගේ සේනාපතිවූ පීකොල් ආබ්‍රහම්ට කථාකොට: නුඹ කරන සියල්ලේදී දෙවියන්වහන්සේ නුඹ හා සමඟය. |
එවිට අබිමෙලෙක් ආබ්‍රහම්ගේ බිරිඳ වන සාරා ඔහුට ආපසු දුන්නේ ය. ඒ සමඟ ම බැටළුවන් ද ගවමහිෂයන් ද දාසදාසීන් ද රැගෙන ඔහුට දුන්නේ ය.
ආබ්‍රහම් ද දෙවියන් වහන්සේට යච්ඤා කෙළේ ය. උන් වහන්සේ ද අබිමෙලෙක් සුවපත් කළ සේක; ඔහුගේ භාර්යාවට හා දාසීන්ට දරුසම්පත් ලැබෙන සේ ඔවුන් සුවපත් කළ සේක.
තවද, ආබ්‍රහම් සිය බිරිඳ වන සාරා තමාගේ සහෝදරිය යි කී බැවින් ගෙරාර්හි රජ වූ අබිමෙලෙක් ඇය තමා වෙත ගෙන්වාගත්තේ ය.
එකල ගෙරාර්හි සිට අබිමෙලෙක් ද, ඔහුගේ මිතුරෙකු වන අහුස්සත් ද, තම හමුදාවේ සේනාධිපති වන පීකොල් ද ඊසාක් වෙත ගියහ.
ඔව්හු ද, “සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වන බව අපට ඒකාන්තයෙන් ම පැහැදිලි ය. එබැවින්, ‘දැන් ඉතින් ඔබ හා අප අතර දිවුරුමක් තිබිය යුතු ය. ඔබ සමඟ අපි, ගිවිසුමක් කරගනිමු’යි කියා අපි කතා කරගත්තෙමු.
මෙන්න, මම ද නුඹ සමඟ සිටිමි. නුඹ යන සියලු තැන්හි මම නුඹ රැක බලාගෙන මෙම දේශයට ම නුඹ නැවත ගෙනෙන්නෙමි. මන්ද, මා නුඹට කී දේ ඉටු කරන තුරු මම නුඹ අත් නොහරින්නෙමි”යි වදාළ සේක.
ලාබන් ඔහුට උත්තර දෙමින්, “ඔබ මට කරුණාව දක්වන්නෙහි නම් මට සවන් දෙන්න. මන්ද, සමිඳාණන් වහන්සේ ඔබ නිසා මට ආශීර්වාද කළ බව මම නිමිති බැලීමෙන් දැනගතිමි.
“ඔබේ පියා මා කෙරෙහි කලින් මෙන් ප්‍රිය මනාප නොවන බව ඔහුගේ මුහුණින් මට පෙනේ. එහෙත්, මාගේ පියාගේ දෙවියන් වහන්සේ මා සමඟ වැඩ සිටින සේක.
එතැනින් පවුරු ඇති තීර්ටත්, හිවීවරුන්ගේ ද කානානිවරුන්ගේ ද සියලු නගරවලටත් පැමිණ, ජුදාහි දකුණු දිශාවේ බෙයර්-ෂෙබා දක්වා ගියහ.
දාවිත්ගේ පුත් සලමොන් සිය රජකමෙහි ස්ථිර විය. ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිට ඔහු ඉතා උසස් කළ සේක.
සමිඳාණෝ ඉශ්රායෙල්වරුන්ට මෙසේ වදාරන සේක: “මිසරයේ හා එතියෝපියාවේ වස්තු සම්භාරය නුඹලාට අයිති වනු ඇත. උස මිනිසුන් වන ෂෙබාවරු නුඹලා වෙත පැමිණ නුඹලාගේ වහල්ලු වන්නෝ ය. ඔව්හු නුඹලා පසුපස්සේ දම්වැල්වලින් බඳිනු ලැබ නුඹලා වෙත පැමිණ වැඳ වැටී, ‘සැබැවින් ම ඔබ වෙත දෙවිඳාණෝ වැඩ සිටින සේක. එතුමාණන් හැර වෙන දෙවි කෙනෙක් නැතැ යි කන්නලව් කරන්නෝ ය.
එක් ව මන්ත්‍රණය කරන්න; එහෙත්, ඒවා නිෂ්ඵල වන්නේ ය. ඇති තරම් කතා කරන්න. එහෙත්, ඒවා නිෂ්ඵල වන්නේ ය. මන්ද, දෙවියන් වහන්සේ අප සමඟ ය.
ඒ දවස්වල දී විදේශීහු දසදෙනෙක් ජුදෙව්වෙකු වෙත පැමිණ, ඔහුගේ වස්ත්‍ර කොන අල්ලාගෙන, දෙවියන් වහන්සේ ඔබ සමඟ සිටින බව අපි අසා ඇති බැවින් ඔබ සමඟ යන්න අපි කැමැත්තෙමු යි කියන්නෝ ය.”
“මෙන්න, කන්‍යාවක් ගැබ්ගෙන පුතෙකු බිහි කරන්නී ය; උන් වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනු ඇත,” යනු ය. ඒ නාමයේ අර්ථය නම්, “දෙවියන් වහන්සේ අප සමඟ ය” යනුයි.
කරුණු මෙසේ නම් කුමක් නිගමනය කරමු ද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට නම් අපට විපක්ෂ වන්නේ කවරෙක් ද?
තවද ඔහුගේ සිතෙහි රහස් හෙළිවනු ඇත. එවිට ඔහු මුණින්තලා වී, “සැබැවින් ම ඔබ අතර දෙවියන් වහන්සේ වැඩ සිටින සේකැ”යි ප්‍රකාශ කරමින් උන් වහන්සේ නමදින්නේ ය.
ලත් පමණින් සතුටු වන්න, වස්තු තණ්හාවෙන් තොර ව ඉන්න. මන්ද, “මම කිසි සේත් නුඹෙන් අහක් ව නොයමි; කිසි අයුරකින් නුඹ අත් නොහරිමි”යි දෙවියන් වහන්සේ ම වදාරා තිබේ.
සමිඳාණන් වහන්සේ ජෝෂුවාට මෙසේ වදාළ සේක: “මා මෝසෙස් සමඟ වැඩ සිටියාක් මෙන් නුඹ සමඟ ද වැඩ සිටින බව සියලු ඉශ්රායෙල්වරුන් දැනගනු පිණිස ඔවුන්ගේ ඇස් ඉදිරියෙහි නුඹ උසස් කිරීමට ද අද දවසේ මම පටන් ගන්නෙමි.
බලන්න, ජුදෙව්වරුන් නොවන නමුත්, තුමූ ජුදෙව්වරු යයි බොරුවට කියා ගන්නා වූ සාතන්ගේ හවුලේ අයට පැමිණ ඔබේ පා ඉදිරියෙහි වැඳ වැටෙන්නටත්, මා ඔබට ප්‍රේම කළ බව දැනගන්නටත් සලසන්නෙමි.
දාවිත් සාවුල්ට දිවුරුම් දුන්නේ ය. ඉක්බිති සාවුල් ගෙදර ගියේ ය; දාවිත් ද ඔහුගේ සෙනඟ ද ඔවුන් සැඟවී සිටි ස්ථානයට ගියහ.
සාමුවෙල් වැඩුණේ ය. සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිට ඔහු කී හැම දෙයක් ම එකක් වත් නෑර ඉෂ්ට කළ සේක.