“මහතුනි, කරුණාකර, මේ ඔබේ දාසයාගේ නිවසට ඇතුළු වන්න, පාද සෝදාගෙන අද රෑ මෙහි නවතින්න. අලුයම නැඟිට ඔබ යන ගමන යන්නට පුළුවනැ”යි කී ය. එහෙත් ඔව්හු පිළිතුරු දෙමින්, “නැත, මුළු රැය ම අපි වීදියේ ගත කරන්නෙමු”යි කී හ.
උත්පත්ති 19:3 - Sinhala New Revised Version එහෙත්, ඔහුගේ බලවත් පෙරැත්තය නිසා, ඔව්හු ඔහු සමඟ නිවසට ඇතුළු වූ හ. ඔහු ද නුමුහුන් රොටි පුළුස්සා, භෝජනයක් පිළියෙළ කළ පසු ඔව්හු එය වැළඳූ හ. Sinhala New Revised Version 2018 එහෙත්, ඔහුගේ බලවත් පෙරැත්තය නිසා, ඔව්හු ඔහු සමඟ නිවසට ඇතුළු වූ හ. ඔහු ද නුමුහුන් රොටි පුළුස්සා, භෝජනයක් පිළියෙළ කළ පසු ඔව්හු එය වැළඳූ හ. Sinhala Revised Old Version නුමුත් ඔහු ඔවුන්ට බොහෝසේ පෙරැත්තකළ නිසා ඔව්හු ඔහු වෙතට හැරී ගොස් ඔහුගේ ගෙට ඇතුල්වූවෝය; එවිට ඔහු මුහුන් නුමුසු රොටි පුළුස්සා ඔවුන්ට කෑමක් පිළියෙළ කෙළේය, ඔව්හුද කෑවෝය. |
“මහතුනි, කරුණාකර, මේ ඔබේ දාසයාගේ නිවසට ඇතුළු වන්න, පාද සෝදාගෙන අද රෑ මෙහි නවතින්න. අලුයම නැඟිට ඔබ යන ගමන යන්නට පුළුවනැ”යි කී ය. එහෙත් ඔව්හු පිළිතුරු දෙමින්, “නැත, මුළු රැය ම අපි වීදියේ ගත කරන්නෙමු”යි කී හ.
එවිට ලාබන් ඔහු අමතමින්, “සමිඳාණන් වහන්සේගෙන් ආසිරි ලත් භවතාණෙනි, පිටත සිටින්නේ මන් ද? ඇතුළට එන්න. මම නිවාසය ද ඔටුවන්ට ස්ථානයක් ද පිළියෙළ කෙළෙමි”යි කී ය.
එක් දවසක් එලිෂා ෂුනෙම් නම් දේශයට ගියේ ය. එහි සිටි ධනවත් ස්ත්‍රියක් කෑම කන්න ඔහුට පෙරැත්ත කළා ය. මෙසේ ඔහු යන එන සෑම විට ම කෑම කන පිණිස එහි නැවතිණි.
“සත් දිනක් නුඹලා නුමුහුන් රොටි අනුභව කළ යුතු ය. පළමු වන දින නුඹලාගේ ගෙවලින් මුහුන් ඉවත් කළ යුතු ය. පළමු වන දින සිට හත් වන දින දක්වා, යමෙක් මුහුන් රොටි අනුභව කරන්නේ ද ඒ තැනැත්තා ඉශ්රායෙල් ජනයා වෙතින් නෙරපාදමනු ලැබේ.
ඔව්හු මිසර දේශයෙන් පිටතට ගෙනා, ඇනූ නුමුහුන් පිටිවලින් රොටි පිළිස්සූ හ. මිසරයෙන් ඔවුන් නෙරපාදැමූ විට පමා වීමට ඉඩක් නොතිබුණු බැවින් මුහුන් දමා ඇනූ පිටි ඔවුන් සතු නො වී ය. තවද, කිසි ආහාරයක් පිළියෙළ කරගැනීමට ද ඔවුන්ට නොහැකි විය.
මම ඔබට මෙය කියමි, ඔහු සිය මිත්‍රකම සලකා නැඟිට ඔහු ඉල්ලන දේ ඔහුට නොදෙතත් ඔහුගේ ලජ්ජා නැති පෙරැත්තය නිසා නැඟිට, වුවමනා පමණ ඔහුට දෙනු ඇතැ”යි වදාළ සේක.
එවිට ස්වාමියා දාසයාට කතා කොට, ‘මහ මාවත්වලට ද දෙවටවලට ද යව, මාගේ ගෙය පිරී යන තරම් සෙනඟට එන්නට බල කරව, ‘යි කී ය.
ලෙවී සිය නිවෙසෙහි උන් වහන්සේට මහා භෝජන සංග්‍රහයක් පිළියෙළ කෙළේ ය. අයකැමියන් හා වෙනත් අයගෙන් මහත් පිරිසක් ඔවුන් සමඟ කෑමට හිඳගත්හ.
ඔව්හු උන් වහන්සේට එහි භෝජන සංග්‍රහයක් පිළියෙළ කළහ. මාර්තා උපස්ථාන කළා ය; ලාසරස් උන් වහන්සේ සමඟ කෑමට හිඳගත් අයගෙන් කෙනෙකි.
එබැවින් පරණ මුහුන්වලින් වත්, ඊර්ෂ්‍යාව සහ දුෂ්ටකම නමැති මුහුන්වලින් වත් නොව, අවංකකම ද සත්‍යය ද නමැති නුමුහුන් රොටියෙන් පාස්කු මංගල්‍යය පවත්වමු.
සියල්ලන් උදෙසා එක් කෙනෙකු මළ නිසා, සියල්ලෝ ම මළහ යි අප නිගමනය කරන බැවින් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි බොහෝ සෙයින් බලපායි.
ආගන්තුක සත්කාරය අමතක නොකරන්න. මන්ද, ආගන්තුක සත්කාර කළ ඇතැම් අය නොදැනුවත් ව ම දේව දූතයන්ට සත්කාර කළහ.
ගිඩියොන් ඇතුළට ගොස්, එළු පැටවෙකු ද කිලෝග්‍රෑම් දහයක් පමණ පිටිවලින් මුහුන් නොදැමූ රොටි ද සූදානම් කොට, පෙට්ටියක මස් දමා, භාජනයක සොදි වත්කොට, ආලෝන ගස යටට ගෙන උන් වහන්සේට ඔප්පු කෙළේ ය.
තර කරන ලද වස්සෙක් ඒ ස්ත්‍රියට ගෙදර සිටියේ ය. ඈ කඩිනමින් ඌ මරා, පිටි අරගෙන අනා, මුහුන් නොදැමූ රොටි පුළුස්සා,