ආබ්‍රහම් ද වහා කූඩාරම තුළට ගොස්, සාරාට කතා කොට, “හොඳ ම පිටි ගෝණියක් ඉක්මනින් ගෙන, එයින් ටිකක් අනා, උදුන මත තබා රොටි පුළුස්සන්නැ”යි කී ය.
උත්පත්ති 18:7 - Sinhala New Revised Version තවද, ඔහු ගව පට්ටියට දුව ගොස්, කදිම ළපටි වස්සෙකු ගෙන දාසයාට දුන්නේ ය. දාසයා ද ඌ ඉක්මනින් පිළියෙළ කෙළේ ය. Sinhala New Revised Version 2018 තවද, ඔහු ගව පට්ටියට දුව ගොස්, කදිම ළපටි වස්සෙකු ගෙන දාසයාට දුන්නේ ය. දාසයා ද ඌ ඉක්මනින් පිළියෙළ කෙළේ ය. Sinhala Revised Old Version ආබ්‍රහම් ගව රැළට දිවගොස් ළපටි හොඳ වස්සෙකු ගෙනවුත් මෙහෙකරුවාට දුන්නේය; ඔහු ඌ ඉක්මනින් පිළියෙළකෙළේය. |
ආබ්‍රහම් ද වහා කූඩාරම තුළට ගොස්, සාරාට කතා කොට, “හොඳ ම පිටි ගෝණියක් ඉක්මනින් ගෙන, එයින් ටිකක් අනා, උදුන මත තබා රොටි පුළුස්සන්නැ”යි කී ය.
තවද, ආබ්‍රහම්, වෙඩරු හා කිරි ද, පිසින ලද වහු මස් ද ගෙන ආගන්තුකයන් ඉදිරියෙහි තැබී ය. ඔවුන් ඒවා වළඳන විට ඔහු ද ගස යට ඔවුන්ට සමීප ව සිටියේ ය.
එහෙත්, ඔහුගේ බලවත් පෙරැත්තය නිසා, ඔව්හු ඔහු සමඟ නිවසට ඇතුළු වූ හ. ඔහු ද නුමුහුන් රොටි පුළුස්සා, භෝජනයක් පිළියෙළ කළ පසු ඔව්හු එය වැළඳූ හ.
සුඛෝපභෝගී කදිම යහන්වල හාන්සිවන, කවිච්චිවල දිගා වී සිටින්න ප්‍රිය කරන, වහු මස් හා එළු මස් කාදමන ඔබට වන විපතක මහත!
මා හට පූජා කරන්න පොරොන්දු වූ හොඳ සතුන් රැළේ සිටිය දී, වැදගැම්මක් නැති සතෙකු මට පූජා කරන ප්‍රයෝගකාරයාට වන විපතක මහත! මන්ද, මම ශ්‍රේෂ්ඨ රජෙක්මි. සියලු රටවල සෙනඟ මාගේ නාමයට ගරුබිය දක්වති”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.
යළිත් ඔහු වෙන දාසයන් යවා, ‘මෙන්න, මාගේ මංගල භෝජනය පිළියෙළ කර තිබේ. ගොනුන් හා තර කළ සතුන් මරා, කෑම සාදා ඇත. හැම දෙය ම සූදානම් ව තිබේ. මංගල්‍යයට එන්න කියා ආරාධිතයන්ට කියන්නැ’යි කී ය.
ඔහු ද, ‘ඔබේ සහෝදරයා ඇවිත් සිටියි; ඔබේ පියා ඔහු සුවසේ ආපසු ලත් බැවින්, තර කළ වස්සා මැරෙව්වේ ය’යි කී ය.
එහෙත්, ඔබගේ මුළු වත්කම පරස්ත්‍රීන් සමඟ නැති නාස්ති කළ මේ ඔබගේ පුතා ආ හැටියේ ම, ඔහු නිසා තර කළ වස්සා මැරෙව්වෙහි ය’යි පියාට කී ය.
තර කරන ලද වස්සෙක් ඒ ස්ත්‍රියට ගෙදර සිටියේ ය. ඈ කඩිනමින් ඌ මරා, පිටි අරගෙන අනා, මුහුන් නොදැමූ රොටි පුළුස්සා,