ආබ්‍රම් ද මේ සියල්ල උන් වහන්සේ වෙත ගෙන අවුත් ඔවුන් දෙපළු කොට, පළු දෙක එකිනෙකට මූණලා තැබී ය. එහෙත් ඔහු පක්ෂීන් දෙපළු කෙළේ නැත.
උත්පත්ති 15:17 - Sinhala New Revised Version තවද, ඉර බැස යයි; අඳුර පැමිණෙයි; දෙපළු කරන ලද සතුන් මැදින් යන දුම් නඟින උදුනක් ද, දිළිසෙන ගිනි හුළක් ද, පෙනේ. Sinhala New Revised Version 2018 තවද, ඉර බැස යයි; අඳුර පැමිණෙයි; දෙපළු කරන ලද සතුන් මැදින් යන දුම් නඟින උදුනක් ද, දිළිසෙන ගිනි හුළක් ද, පෙනේ. Sinhala Revised Old Version තවද ඉර බැස අඳුරුවූ කල, බලව, දුම් නගින උදුනක්ද ඒ පළු මැදින් යන්නාවූ දැල්වෙන ගිනිහුලක්ද පෙනුණේය. |
ආබ්‍රම් ද මේ සියල්ල උන් වහන්සේ වෙත ගෙන අවුත් ඔවුන් දෙපළු කොට, පළු දෙක එකිනෙකට මූණලා තැබී ය. එහෙත් ඔහු පක්ෂීන් දෙපළු කෙළේ නැත.
එතුමාණන්ගේ නාස් පුඬුවලින් දුමක් නැඟිණි. එතුමන්ගේ මුවින් වනසන ගින්නක් නික්මිණි, එයින් ගිනි අඟුරු ඇවිළිණි.
එවිට සමිඳාණන් වහන්සේ වෙතින් ගිනි බැස පූජාවත්, දරත්, ගලුත්, ධූලිත් දවා අගලේ වතුරත් වියළවා දැමී ය.
දාවිත් සමිඳාණන් වහන්සේට පූජාසනයක් එහි ගොඩනඟා, දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කොට, සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. උන් වහන්සේ ද දවන පූජාසනය පිට අහසෙන් ගිනි එවා ඔහුට උත්තර දුන් සේක.
සමිඳාණන් වහන්සේ ගිනි ජාලාවකින් කන්ද මත බැස වදාළ බැවින් එය සම්පූර්ණයෙන් ම දුමින් වැසී තිබිණි. එහි දුම, උදුනක දුමක් මෙන් නැංගේ ය. තවද, මුළු කන්ද ම වේගවත් ලෙස දෙදරන්නට විය.
මුළු සෙනඟ මේඝ ගර්ජනා හඬ සහ හොරණෑ ශබ්දය අසා, විදුලි කෙටීම් සහ දුම් දමන කන්ද දැක බියෙන් වෙව්ලමින්, බොහෝ ඈතින් සිටගත්හ.
මම සියොන් උදෙසාත්, ජෙරුසලම උදෙසාත් නිහඬ ව නොසිටින්නෙමි. එහි දැහැමි බව දීපකයක් මෙන් ද එහි ගැළවීම ඇවිලෙන පහනක් මෙන් ද බැබළෙන තෙක් නිශ්ශබ්ද ව නොසිටින්නෙමි.
මා ඔවුන්ගේ පියවරුන්, යකඩ ගිනි උදුනක් වැනි මිසර දේශයෙන් පිටත ගෙනා කල, ඔවුන් සමඟ කළ ගිවිසුම මෙය වේ. ‘මාගේ වචනයට කීකරු වී මා අණ කරන සියල්ල ඉටු කරන්න; එවිට නුඹලා මාගේ සෙනඟ වන්නහු ය. මම නුඹලාගේ දෙවියන් වහන්සේ ද වන්නෙමි’යි මම ඔවුන්ට කීවෙමි.
එහෙත්, ඔබ ගැන කිව යුතු දේ නම්, යකඩ ගිනි උදුනක් වැනි මිසරයෙන් සමිඳාණන් වහන්සේ ඔබ පිටතට ගෙනාවේ, ඔබ හැම අද දින සිටින්නාක් මෙන් උන් වහන්සේගේ ම උරුමය වූ සෙනඟක් වනු පිණිස ය.
ගිනි ජාලාව පූජාසනයෙන් අහස දෙස නඟින අතර, සමිඳාණන් වහන්සේගේ දූතයා ගිනි ජාලාවෙහි නැඟී ගියේ ය. මානෝවා ද ඔහුගේ භාර්යාව ද බලාගෙන සිටියෝ ය. එවිට ඔව්හු මුණින්තළා වැටුණෝ ය.
එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා තමාගේ අතේ තිබූ සැරයටියේ අග දිගු කොට මස්වලටත්, මුහුන් නොදැමූ රොටිවලටත් තට්ටු කෙළේ ය. එවිට පර්වතයෙන් ගිනි මතු වී මස් ද මුහුන් නොදැමූ රොටි ද දවා දැමී ය: සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහු ඉදිරියෙන් නොපෙනී ගියේ ය.