උත්පත්ති 15:10 - Sinhala New Revised Version ආබ්‍රම් ද මේ සියල්ල උන් වහන්සේ වෙත ගෙන අවුත් ඔවුන් දෙපළු කොට, පළු දෙක එකිනෙකට මූණලා තැබී ය. එහෙත් ඔහු පක්ෂීන් දෙපළු කෙළේ නැත. Sinhala New Revised Version 2018 ආබ්‍රම් ද මේ සියල්ල උන් වහන්සේ වෙත ගෙන අවුත් ඔවුන් දෙපළු කොට, පළු දෙක එකිනෙකට මූණලා තැබී ය. එහෙත් ඔහු පක්ෂීන් දෙපළු කෙළේ නැත. Sinhala Revised Old Version ඔහු ඒ සියල්ලන් ගෙනැවිත් උන් දෙපළුකොට පළුවක් ඉදිරිපිට අනික් පළුව බැගින් තැබීය. එහෙත් ඔහු පක්ෂීන් දෙපළුකළේ නැත. |
තවද, ඉර බැස යයි; අඳුර පැමිණෙයි; දෙපළු කරන ලද සතුන් මැදින් යන දුම් නඟින උදුනක් ද, දිළිසෙන ගිනි හුළක් ද, පෙනේ.
උන් වහන්සේ ද ඔහුට පිළිතුරු දෙමින්, “තුන් අවුරුදු වැස්සියක ද තුන් අවුරුදු එළුදෙනෙක ද තුන් අවුරුදු බැටළුවෙකු ද කොබෙයියෙකු හා පරෙවි පැටවෙකු ද මා වෙත ගෙනෙන්නැ”යි වදාළ සේක.
පසුව උගේ අත්තටු සමඟ කෑලි දෙකකට වෙන් නොවන සේ ඌ පළා, පූජාසනයේ ගිනි පිට ඇති දර උඩ තබා දැවිය යුතු ය. ගින්නේ දවා පුදන ලද මේ දවන යාගය සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳකි.”
ඔබත් සත්‍ය ධර්මය නියම ලෙස ප්‍රකාශ කරන්න, ලජ්ජා වීමට හේතුවක් නැති සේවකයෙකු ලෙස දෙවියන් වහන්සේට ප්‍රිය තැනැත්තෙකු මෙන් පෙනී සිටීමට උත්සාහ කරන්න.