කානානිවරුන්ගේ දේශ සීමා සීදොන් සිට ගෙරාර් දෙසට පිහිටි ගාසා දක්වා ද සොදොම්, ගොමොරා, අදිමා සහ ශෙබොයිම් දෙසට පිහිටි ලාෂා දක්වා ද පැතිරී ඇත.
උත්පත්ති 11:31 - Sinhala New Revised Version තේරා තමාගේ පුත්‍රයා වන ආබ්‍රම් ද තම මුණුබුරා වන ලොත් ද ආබ්‍රම්ගේ බිරිඳ වූ, තම ලේලි වන සාරයි ද කැඳවාගෙන ඔවුන් සමඟ කානාන් දේශය බලා යන පිණිස ඌර් නම් කල්දිවරුන්ගේ නුවරින් පිටත් විය. එහෙත්, ඔව්හු හාරාන් දක්වා ගොස් එහි පදිංචි වූ හ. Sinhala New Revised Version 2018 තේරා තමාගේ පුත්‍රයා වන ආබ්‍රම් ද තම මුණුබුරා වන ලොත් ද ආබ්‍රම්ගේ බිරිඳ වූ, තම ලේලි වන සාරයි ද කැඳවාගෙන ඔවුන් සමඟ කානාන් දේශය බලා යන පිණිස ඌර් නම් කල්දිවරුන්ගේ නුවරින් පිටත් විය. එහෙත්, ඔව්හු හාරාන් දක්වා ගොස් එහි පදිංචි වූ හ. Sinhala Revised Old Version තේරා තමාගේ පුත්‍රවූ ආබ්‍රම්ද තමාගේ පුත්‍රවූ හාරාන්ගේ පුත්‍රයා වන ලොත්ද තමාගේ පුත්‍රවූ ආබ්‍රම්ගේ භාර්යාව වන තමාගේ යෙහෙළි වූ සාරයිද කැඳවාගෙන ඔවුන් සමඟ කානාන් දේශයට යන පිණිස ඌර් නම් වූ කල්දිවරුන්ගේ නුවරින් පිටත්ව ගොස් හාරාන්ට පැමිණ එහි වාසයකෙළේය. |
කානානිවරුන්ගේ දේශ සීමා සීදොන් සිට ගෙරාර් දෙසට පිහිටි ගාසා දක්වා ද සොදොම්, ගොමොරා, අදිමා සහ ශෙබොයිම් දෙසට පිහිටි ලාෂා දක්වා ද පැතිරී ඇත.
ආබ්‍රම්ට වයස අවුරුදු හැත්තෑපහක් වූ කල සමිඳාණන් වහන්සේ ඔහුට වදාළ ලෙසට, ඔහු හාරාන් දේශයෙන් පිටත් විය. ලොත් ද ඔහු සමඟ ගියේය.
මෙසේ ආබ්‍රම් සිය බිරිඳ වන සාරයි ද තම සොහොයුරාගේ පුත් වන ලොත් ද හාරාන් දේශයෙන් රැස් කරගත් සියලු සම්පත් හා දැසිදසුන් ද රැගෙන කානාන් දේශය බලා නික්ම ගොස් එහි සැපත් විය.
මෙසේ යන විට ඔව්හු සොදොම්හි විසූ ආබ්‍රම්ගේ බෑණා වන ලොත් සහ ඔහුගේ වස්තුවත් රැගෙන ගියහ.
එවිට සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “මේ රට නුඹට උරුමයක් කර දෙනු පිණිස ඌර් නම් කල්දිවරුන්ගේ නුවරින් නුඹ පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ මම ය”යි වදාළ සේක.
ඉන්පසු මෙහෙකරුවා, තම ස්වාමියාට අයත් ඔටුවන්ගෙන් දස දෙනෙකු ද, ඔහු සතු සම්පතින් ඉස්තරම් කොටසක් ද රැගෙන පිටත් ව ගොස්, මෙසොපොතේමියේ නාහෝර් නම් නගරයට පැමිණියේ ය.
ඔහු මෙසේ කියා නිම කරන්නටත් පෙර රෙබෙකා නම් තරුණිය තම උරහිස මත කළය තබාගෙන ආවා ය. ඈ ආබ්‍රහම්ගේ සොහොයුරු වන නාහෝර්ගේ බිරිඳ වූ, මිල්කාගේ පුත්‍රයා වන බෙතුයෙල්ගේ දුව ය.
මාගේ පියවරුන් නැති කළ ගෝශාන් ද හාරාන් ද රෙශෙප් ද තෙලෙස්සාර්හි සිටි ඒදෙන් ජාතිකයන් ද යන ජාතීන්ගේ දෙවිවරු ඔවුන් ගළවා ගත්තෝ ද?
ඔබ වනාහි ආබ්‍රම් තෝරාගෙන, ඌර් නම් කල්දිවරුන්ගේ නුවරින් ඔහු ගෙනවුත්, ආබ්‍රහම් යන නම ඔහුට තැබූ දෙවි සමිඳාණන් වහන්සේ ය.
ඔහු කතා කරමින් සිටියදී ම තවත් කෙනෙක් අවුත්, “කල්දිවරු කණ්ඩායම් තුනකට සෑදී ඔටු රංචු වෙත පැමිණ පහර දී උන් පැහැරගෙන ගියෝ ය; මෙහෙකරුවන් කඩු පහරින් මරාදැමූ හ. ඔබට මෙපුවත සැළ කිරීමට ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.
මගේ මුතුන්මිත්තෝ ගෝෂාන්, හාරාන් හා රෙශෙප් යන නගර විනාශකර තෙලෙස්සාර්හි සිටි බෙතෙදාන් ජාතිකයන් මරා දැමුවෝ ය. ඒ ජාතීන්ගේ දෙවිවරුන්ගෙන් කිසිවෙකුට ඔවුන් ගළවාගත නොහැකි විය.
ඇදහිල්ලෙන්, ආබ්‍රහම් කැඳවීම ලැබූ කල, තමා යන්නේ කොහේ දැ යි නොදැන, තමාට උරුමයක් පිණිස පසු ව ලැබෙන්නට යන ස්ථානයකට පිටත් ව යන ලෙස කීකරු වී, නික්ම ගියේ ය.