එසේ ම මා ඉල්ලන දේ දෙන්නත්, මාගේ අයැදුම ඉෂ්ට කරන්නත් රජතුමා ප්‍රසන්න වේ නම්, ඔබ තුමාටත්, හාමාන්ටත් මා හෙට පිළියෙළ කරන මංගල භෝජනයට ඔබ සහ හාමාන් පැමිණෙත්වා. එවිට රජුගේ කීම ලෙස හෙට මම කරන්නෙමි”යි කීවා ය.
ආමොස් 6:7 - Sinhala New Revised Version එබැවින් සියල්ලන්ට කලින් වහල්කමට ගෙනයනු ලබන්නේ ඔබ ය. එවිට ඔබේ සැප ජීවිකාව හා භෝජන උත්සව කෙළවර වන්නේ ය. Sinhala New Revised Version 2018 එබැවින් සියල්ලන්ට කලින් වහල්කමට ගෙනයනු ලබන්නේ ඔබ ය. එවිට ඔබේ සැප ජීවිකාව හා භෝජන උත්සව කෙළවර වන්නේ ය. Sinhala Revised Old Version එබැවින් ඔවුන් වහල්කමට යන්නන් අතරෙහි පෙරටුවෙන් යනවා ඇත, දිගාවී ඉන්නන්ගේ ඝෝෂාවද පහවයන්නේය. |
එසේ ම මා ඉල්ලන දේ දෙන්නත්, මාගේ අයැදුම ඉෂ්ට කරන්නත් රජතුමා ප්‍රසන්න වේ නම්, ඔබ තුමාටත්, හාමාන්ටත් මා හෙට පිළියෙළ කරන මංගල භෝජනයට ඔබ සහ හාමාන් පැමිණෙත්වා. එවිට රජුගේ කීම ලෙස හෙට මම කරන්නෙමි”යි කීවා ය.
මාගේ හිස කරකැවේ; භීතියෙන් මම වෙවුළමි; සවස් වන තුරු මම බලාපොරොත්තුවෙන් බලා සිටිමි. එහෙත්, සවස් වූ විට ඇති වූයේ භීතිය පමණකි.
තාප්ප කපොලුවලින් එක එකා ඇදගනු ලැබ, කුණු කසළ ගොඩක් මත වීසි කරදමනු ඇත.” මෙය වදාරන්නේ සමිඳාණන් වහන්සේ ය.
එබැවින් මම දමස්කයෙන් එපිට රටක වහල්කමට නුඹලා ගෙනයන්නෙමි”යි සියලු බලැති දෙවියන් යන නම ඇති සමිඳාණන් වහන්සේ වදාරන සේක.
එහෙත්, නමදින පිණිස බෙයර්-ෂෙබාවට නොයන්න; මා සොයන පිණිස බෙතෙල්ට නොයන්න. බෙතෙල් නැත්තට ම නැති වේ. ගිල්ගාලයට වත් නොයන්න. එහි සෙනඟ වහල්කමට ගෙනයනු ලබති.”
‘ජෙරොබෝවම් රජ යුද්ධයේ දී මිය යන්නේ ය’ කියා ද ‘ඉශ්රායෙල් සෙනඟ වහල්කමට ගෙනයනු ලබන්නේ ය’ කියා ද ඔහු ප්‍රකාශ කරයි.”
ඔබ එසේ කියන බැවින් සමිඳාණන් වහන්සේ ඔබට මෙසේ වදාරන සේක: ‘නුඹේ භාර්යාව නගරයේ වෙසඟනක් වන්නී ය; නුඹේ දූ දරුවෝ යුද්ධයේ මිය යන්නෝ ය; නුඹේ රට මැන බෙදා අන්‍යයන්ට දෙනු ලබන්නේ ය. නුඹ ද මිසදිටු රටක මිය යන්නෙහි ය. ඉශ්රායෙල් සෙනඟ මවු බිමින් පිටුවහල් කරනු ලබන්නෝ ය.’ “
උන් වහන්සේගේ සතුරෝ කටු ගස් මෙන් පැටලී සුරා පානයෙන් මත් වී සිටිය ද වියළී ගිය පිදුරු මෙන් ගිනිබත් වන්නෝ ය.
ඔව්හු කඩු මුවහතින් වැටෙන්නෝ ය; සියලු විජාතීන්ගේ රටවලට වහලුන් මෙන් ගෙනයනු ලබන්නෝ ය; විදේශීන්ගේ පාලන අවදිය නිම වනතෙක් ජෙරුසලම විජාතීන් විසින් මඬිනු ලබන්නී ය.”