ආබ්‍රම් අවුරුදු අනූනවයක් ආයු වැළඳූ පසු සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී: “මම වනාහි සියලු බලැති දෙවියන් වහන්සේ වෙමි. නුඹ දිවි ඇති තාක් මට කීකරු වී, නිදොස් ව සිටින්න,
ආමොස් 3:3 - Sinhala New Revised Version “දෙදෙනෙක් එකට ගමනක් යත් ද එකඟ වී මිස? Sinhala New Revised Version 2018 “දෙදෙනෙක් එකට ගමනක් යත් ද එකඟ වී මිස? Sinhala Revised Old Version දෙදෙනෙක් එකඟවුණොත් මිස නැත්නම් එක්ව යනවා ඇද්ද? |
ආබ්‍රම් අවුරුදු අනූනවයක් ආයු වැළඳූ පසු සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී: “මම වනාහි සියලු බලැති දෙවියන් වහන්සේ වෙමි. නුඹ දිවි ඇති තාක් මට කීකරු වී, නිදොස් ව සිටින්න,
මෙතුසෙලා උපන් පසු ඒනොක් දෙවියන් වහන්සේ සමඟ සුහදතාවෙන් හැසිරෙමින් තව අවුරුදු තුන්සියයක් (300) ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්හ.
නෝවා පිළිබඳ පුවත මෙසේ ය; ඔහු සත්ගුණවත් මිනිසෙකි. ඔහුගේ පරම්පරාවේ නිදොස් මිනිසා ඔහු විය. ඔහු දෙවියන් වහන්සේ සමඟ සුහදතාවෙන් හැසුරුණේ ය.
ලොවේ සියලු වංශවලින් මා මැනවින් දැනහැඳිනගෙන ඇත්තේ නුඹ පමණකි. ඒ නිසා නුඹලා කර ඇති සියලු පාපවලට මම දඬුවම් දෙමි.”
සිංහයෙක් වනයේ ගෙරවුම් දෙයි ද ගොදුරක් දුටුවොත් මිස? ගුහාවක් තුළ සිංහ නාම්බෙක් ගොදුරක් නැති ව හඬ නඟයි ද?
සමාරිය කඳුකරේ සිටින තරබාරු එළදෙනුනි; දිළිඳුන් තළා පෙළා, අසරණයින්ට පීඩා කරන, ‘බොන්නට දෙයක් දෙන්න’ කියා සැමියන්ට අණ කරන ඔබ හැම මෙයට සවන් දෙන්න.