තවද, දාවිත් සෙනඟගෙන් තුනෙන් කොටසක් ජෝවාබ් යටතේ ද තුනෙන් කොටසක් ශෙරුයාගේ පුත් ජෝවාබ්ගේ සහෝදර අබිෂයි යටතේ ද තුනෙන් කොටසක් ගිත්තීය ඉත්තයි යටතේ ද පිටත් කර හැරියේ ය. “මමත් ඔබ සමඟ යමි”යි දාවිත් රජ සෙනඟට කී ය.
2 සාමුවෙල් 8:16 - Sinhala New Revised Version ශෙරුයාගේ පුත් ජෝවාබ් සේනාපතියා ව සිටියේ ය. අහිලුද්ගේ පුත් ජෙහෝෂාපාට් වාර්තාකරුවා ව සිටියේ ය. Sinhala New Revised Version 2018 ශෙරුයාගේ පුත් ජෝවාබ් සේනාපතියා ව සිටියේ ය. අහිලුද්ගේ පුත් ජෙහෝෂාපාට් වාර්තාකරුවා ව සිටියේ ය. Sinhala Revised Old Version ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් සේනාපතියාව සිටියේය; අහිලූද්ගේ පුත්‍රවූ යෙහෝෂාපාත් වාර්තාකරුවාව සිටියේය. |
තවද, දාවිත් සෙනඟගෙන් තුනෙන් කොටසක් ජෝවාබ් යටතේ ද තුනෙන් කොටසක් ශෙරුයාගේ පුත් ජෝවාබ්ගේ සහෝදර අබිෂයි යටතේ ද තුනෙන් කොටසක් ගිත්තීය ඉත්තයි යටතේ ද පිටත් කර හැරියේ ය. “මමත් ඔබ සමඟ යමි”යි දාවිත් රජ සෙනඟට කී ය.
තවද, අමාසාට කතා කොට, ‘ඔබ මාගේ ලේ නෑයෙක් නොවේ ද? අද සිට ජෝවාබ් වෙනුවට මම නුඹ සේනාපතියා වශයෙන් පත් කරමි. එසේ නොකළොත් දෙවියන් වහන්සේ මට දරුණු ලෙස දඬුවම් කරන සේක්වා’යි කියන්නැ”යි කියා යැව්වේ ය.
ශෙරුයාගේ පුත් ජෝවාබ් ද දාවිත්ගේ සේවකයෝ ද පිටත් ව ගොස් ගිබියොන් පොකුණ ළඟ දී මුණගැසී, එක පක්ෂයක් පොකුණේ එක පැත්තක ද අනෙක් පක්ෂය පොකුණේ අනෙක් පැත්තේ ද නැවතුණාහ.
දාවිත් මුළු ඉශ්රායෙල් කෙරෙහි රජකම් කරමින් තමාගේ මුළු සෙනඟට විනිශ්චය හා යුක්තිය ඉෂ්ට කෙළේ ය.
ෂිෂාගේ පුත්‍රයන් වන එලිහොරෙප් සහ අහියා ලේකම්වරු ය; අහිලුද්ගේ පුත් ජෙහෝෂාපාට් වාර්තාකරු ය;
එවිට, රජ ගෙදර ප්‍රධානියා වූ හිල්කියාගේ පුත් එලියාකිම් ද ෂෙබ්නා ලේකම් ද වාර්තාකරුවා වන ආසාප්ගේ පුත් ජෝවා ද පිටත් ව ඔවුන් ළඟට ගියෝ ය.
එවිට රජ ගෙදර ප්‍රධානියන් වන හිල්කියාගේ පුත් එලියාකිම් නම් ගෘහාධිපතියා ද ෂෙබ්නා ලේකම් ද වාර්තාකරු වන ආසාප්ගේ පුත් ජෝවා ද දුකින් තමන්ගේ ඇඳුම් ඉරාගෙන හෙසකියා ළඟට අවුත් රබ්-ෂාකේගේ වචන ඔහුට දැන්වූ හ.
දාවිත් කතා කොට, “මුලින් ම ජෙබුසිවරයෙකුට පහර දෙන කවරෙකු නමුත්, ඔහු ප්‍රධානියා ද අධිපතියා ද වන්නේ ය”යි කීවේ ය. ශෙරුයාගේ පුත් ජෝවාබ් මුලින් ම නැඟිට ගොස් ප්‍රධානියා වුණේ ය.