ඒ අවස්ථාවේ දී ම දාවිත්ගේ සේවකයෝ ද ජෝවාබ් ද කොල්ලකෑම පිණිස ගොස් බොහෝ වස්තුව ලබාගෙන පෙරළා ආහ. ඒ වේලාවේ අබ්නේර් හෙබ්‍රොන්හි දාවිත් සමඟ නොසිටියේ ය. මන්ද, දාවිත් ඔහුට යන්නට අවසර දුන් බැවින් ඔහු සාමදානයෙන් ගොස් තිබිණි.
2 සාමුවෙල් 3:23 - Sinhala New Revised Version එහෙත්, ජෝවාබ් සහ ඔහු සමඟ සිටි මුළු සේනාව පැමිණි විට, “නේර්ගේ පුත් අබ්නේර් රජු ළඟට ආවේ ය; රජු ඔහුට අවසර දුන්නේ ය; ඔහු සාමදානයෙන් ගියේ ය”යි කී හ. Sinhala New Revised Version 2018 එහෙත්, ජෝවාබ් සහ ඔහු සමඟ සිටි මුළු සේනාව පැමිණි විට, “නේර්ගේ පුත් අබ්නේර් රජු ළඟට ආවේ ය; රජු ඔහුට අවසර දුන්නේ ය; ඔහු සාමදානයෙන් ගියේ ය”යි කී හ. Sinhala Revised Old Version නුමුත් යෝවාබ් සහ ඔහු සමඟ සිටි මුළු සේනාවද ආ විට: නේර්ගේ පුත්‍රවූ අබ්නේර් රජු ළඟට ආයේය, රජු ඔහු යන්ට හැරියේය, ඔහු සමාදානයෙන් ගියේය කියා යෝවාබ්ට කියනලද්දේය. |
ඒ අවස්ථාවේ දී ම දාවිත්ගේ සේවකයෝ ද ජෝවාබ් ද කොල්ලකෑම පිණිස ගොස් බොහෝ වස්තුව ලබාගෙන පෙරළා ආහ. ඒ වේලාවේ අබ්නේර් හෙබ්‍රොන්හි දාවිත් සමඟ නොසිටියේ ය. මන්ද, දාවිත් ඔහුට යන්නට අවසර දුන් බැවින් ඔහු සාමදානයෙන් ගොස් තිබිණි.
එවිට ජෝවාබ් රජතුමා ළඟට අවුත්, “ඔබ කෙළේ කුමක් ද? අබ්නේර් ඔබ ළඟට ආවේ ය; දැන් ඔහු පිට වී ගොස් ඇත; ඔබ එසේ ඔහුට යන්නට අවසර දුන්නේ මන් ද?
සාවුල්ගේ භාර්යාවගේ නම අභිනොවම් ය. ඈ අභීමයාශ්ගේ දුව ය. ඔහුගේ සේනාපතියාගේ නම අබ්නේර් ය. ඔහු සාවුල්ගේ බාප්පා වන නේර්ගේ පුත්‍රයා ය.