අපේ සෙනඟ උදෙසාත්, අපේ දෙවියන් වහන්සේගේ නගර උදෙසාත් ධෛර්යවත් වී සිටින්න; ස්ථිර ව සිටින්න; සමිඳාණන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට වේවා”යි කී ය.
2 සාමුවෙල් 24:3 - Sinhala New Revised Version ජෝවාබ්, රජුට කතා කොට, “දැන් සිටින ගණන කොපමණ වුවත් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ සෙනඟ ඊට වඩා සිය ගුණයක් වැඩි කරන සේක් වා! මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට එය සියැසින් දකින්නටත් ලැබේ වා! එහෙත්, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් මේ ගැන ප්‍රිය වන්නේ කුමට දැ”යි ඇසී ය. Sinhala New Revised Version 2018 ජෝවාබ්, රජුට කතා කොට, “දැන් සිටින ගණන කොපමණ වුවත් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ සෙනඟ ඊට වඩා සිය ගුණයක් වැඩි කරන සේක් වා! මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට එය සියැසින් දකින්නටත් ලැබේ වා! එහෙත්, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් මේ ගැන ප්‍රිය වන්නේ කුමට දැ”යි ඇසී ය. Sinhala Revised Old Version යෝවාබ් රජුට කථාකොට: දැන් සිටින ගණන කොපමණ වුවත් ඊට වඩා ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සෙනඟ සිය ගුණයක් වැඩිකරනසේක්වා, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට සියැසින් දකින්ටත් ලැබේවා. නුමුත් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් මේ කාරණයට ප්‍රියවන්නේ මක්නිසාදැයි කීවේය. |
අපේ සෙනඟ උදෙසාත්, අපේ දෙවියන් වහන්සේගේ නගර උදෙසාත් ධෛර්යවත් වී සිටින්න; ස්ථිර ව සිටින්න; සමිඳාණන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට වේවා”යි කී ය.
එහෙත්, ජෝවාබ් හා සේනාපතීන් කී දේ රජතුමා නොසලකා සිය නියමය ස්ථිර කෙළේ ය. ජෝවාබ් ද සේනාපතීහු ද ඉශ්රායෙල් සෙනඟ ගණන් කරන පිණිස රජු ඉදිරියෙන් පිටත් ව ගියහ.
මෙය දැක ඔබ ප්‍රීති වන්නහු ය. ඔබේ සිත ප්‍රීති ප්‍රමෝදයෙන් පිනා යන්නේ ය. මන්ද, මුහුදු මඟින් ගෙනෙන යසඉසුරු ඔබ වෙත ගලා එන්නේ ය. ජාතීන්ගේ වස්තුව ඔබ වෙත පැමිණෙන්නේ ය.
ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ හැම තවත් දහස් ගුණයකින් වැඩි වෙන්නට සලසා, උන් වහන්සේ පොරොන්දු වූ ලෙස ඔබට ආශීර්වාද කරන සේක.