ඔව්හු ජොර්දානෙන් එගොඩ අතාද් නම් ස්ථානයේ කමතට පැමිණ, එහි මහත් සංවේගයකින් තදින් වැලපුණාහ. ජෝසෙප් ද දවස් හතක් අවමංගල වත්පිළිවෙත් ඉටු කෙළේ ය.
2 සාමුවෙල් 24:21 - Sinhala New Revised Version “මාගේ ස්වාමීන් වන රජතුමා, තමාගේ මෙහෙකරුවා ළඟට ආවේ කුමක් පිණිස දැ”යි ඇසී ය. “වංසගතය සෙනඟගෙන් පහ වන පිණිස සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනැඟීම සඳහා කමත ඔබෙන් මිලේට ගැනීමට ය”යි දාවිත් පිළිතුරු දිනි. Sinhala New Revised Version 2018 “මාගේ ස්වාමීන් වන රජතුමා, තමාගේ මෙහෙකරුවා ළඟට ආවේ කුමක් පිණිස දැ”යි ඇසී ය. “වංසගතය සෙනඟගෙන් පහ වන පිණිස සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනැඟීම සඳහා කමත ඔබෙන් මිලේට ගැනීමට ය”යි දාවිත් පිළිතුරු දිනි. Sinhala Revised Old Version මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් තමාගේ මෙහෙකරුවා ළඟට ආවේ කුමක් පිණිසදැයි ඇසුවේය. වසංගතය සෙනඟගෙන් පහවෙන පිණිස ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගීමට පාවර නුඹෙන් මිලේට ගැනීමටයයි දාවිත් කීවේය. |
ඔව්හු ජොර්දානෙන් එගොඩ අතාද් නම් ස්ථානයේ කමතට පැමිණ, එහි මහත් සංවේගයකින් තදින් වැලපුණාහ. ජෝසෙප් ද දවස් හතක් අවමංගල වත්පිළිවෙත් ඉටු කෙළේ ය.
එදින ගාද් දාවිත් ළඟට අවුත්, “ඔබ ගොස් ජෙබුසිය අරව්නාගේ කමතේ සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනඟන්නැ”යි ඔහුට කී ය.
අරව්නා බැලූ විට රජු ද ඔහුගේ සේවකයන් ද තමා වෙත එනු දැක පිටතට අවුත්, මුණින්තළා වී රජුට වැඳ,
ජෝවාබ්, රජුට කතා කොට, “දැන් සිටින ගණන කොපමණ වුවත් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ සෙනඟ ඊට වඩා සිය ගුණයක් වැඩි කරන සේක් වා! මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට එය සියැසින් දකින්නටත් ලැබේ වා! එහෙත්, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් මේ ගැන ප්‍රිය වන්නේ කුමට දැ”යි ඇසී ය.
එවිට දාවිත් කතා කොට, “සෙනඟ අතරෙන් වසංගතය පහවන පිණිස සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනැඟීමට කමතේ ඉඩම මට දෙන්න. එහි මුළු වටිනාකම අනුව එය මට දෙන්න ඕනෑ ය”යි ඔර්ණාන්ට කීවේ ය.
එවිට, පිනෙහාස් නැඟිට ඔවුන් අතරෙන් වරදකරුවන්ට නිසි දඬුවම් දුන්නේ ය. මෙසේ වසංගතය නතර විය.
ඒ ඉශ්රායෙල් ජාතිකයා පසුපස ගොස් කූඩාරමට ඇතුළු වී, ඔහුගේ හා ඒ ස්ත්‍රියගේ බඩ සිදුරු කරගෙන යන ලෙස දෙදෙනාට ම ඇන්නේ ය. එවිට ඉශ්රායෙල් ජනයා අතර පැතිර ගිය වසංගතය නැවතිණි.