ඉතින්, මාගේ ස්වාමීන් වන රජතුමෙනි, ඔබට පසු ව මාගේ ස්වාමීන් වන රජතුමාගේ සිහසුන අරා හිඳගත යුත්තේ කවරෙක් දැ යි ඔබ ඉශ්රායෙල්වරුන්ට දැන්විය යුතු ය කියා ඔව්හු සියල්ලෝ බලා සිටිති.
2 සාමුවෙල් 23:2 - Sinhala New Revised Version “සමිඳුන්ගේ ආත්මය මා මඟින් කතා කරන්නේ ය. එතුමන්ගේ වචනය මාගේ දිවේ තිබුණේ ය. Sinhala New Revised Version 2018 “සමිඳුන්ගේ ආත්මය මා මඟින් කතා කරන්නේ ය. එතුමන්ගේ වචනය මාගේ දිවේ තිබුණේ ය. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේගේ ආත්මය මා ලවා කථාකෙරෙවුසේක, උන්වහන්සේගේ වාක්‍යයද මාගේ දිවේ තිබුණේය. |
ඉතින්, මාගේ ස්වාමීන් වන රජතුමෙනි, ඔබට පසු ව මාගේ ස්වාමීන් වන රජතුමාගේ සිහසුන අරා හිඳගත යුත්තේ කවරෙක් දැ යි ඔබ ඉශ්රායෙල්වරුන්ට දැන්විය යුතු ය කියා ඔව්හු සියල්ලෝ බලා සිටිති.
උන් වහන්සේ ඔවුන්ගෙන් මෙසේ ඇසූ සේක: “එසේ නම්, දාවිත් ශුද්ධාත්මානුභාවයෙන් පෙළඹී උන් වහන්සේට ‘සමිඳාණන් ය’යි කීවේ කෙසේ ද? මන්ද,
දාවිත් ම ශුද්ධාත්මානුභාවයෙන් කතා කරමින්: ‘මා ඔබ සතුරන් ඔබ පාද යට ලන තෙක් මා දකුණු පස අසුන් ගන්න කියා සමිඳාණෝ මා සමිඳුන්ට වදාළ සේකැ’යි කී ය.
මන්ද කිසි ම දිවැස් වැකියක් කිසි කලෙක මනුෂ්‍ය ප්‍රයත්නයකින් ඇති නො වී ය. මනුෂ්‍යයෝ ශුද්ධාත්මානුභාවයෙන් පොළඹවනු ලැබ දෙවියන් වහන්සේගේ වචනය කතා කළහ.