ඔහුගේ සියලු සේවකයෝ ඔහු ළඟ සිටියහ. සියලු කෙරෙතිවරු ද සියලු පෙලෙතිවරු ද ගාත්හි සිට ඔහු අනුව ආ ගිත්තීය ජාතික මිනිස්සු හයසියයක් ද ඔහුට පෙරටු ව ගියහ.
2 සාමුවෙල් 20:7 - Sinhala New Revised Version එවිට ජෝවාබ්ගේ සෙනඟ ද කෙරෙතිවරු ද පෙලෙතිවරු ද සියලු බලවන්තයෝ ද ඔහු පසුපස පිටත් වී ගියහ. බික්‍රිගේ පුත් ෂෙබා ලුහුබැඳ යන පිණිස ඔව්හු ජෙරුසලමෙන් නික්ම ගියහ. Sinhala New Revised Version 2018 එවිට ජෝවාබ්ගේ සෙනඟ ද කෙරෙතිවරු ද පෙලෙතිවරු ද සියලු බලවන්තයෝ ද ඔහු පසුපස පිටත් වී ගියහ. බික්‍රිගේ පුත් ෂෙබා ලුහුබැඳ යන පිණිස ඔව්හු ජෙරුසලමෙන් නික්ම ගියහ. Sinhala Revised Old Version එවිට යෝවාබ්ගේ මිනිස්සුද කෙරෙතිවරුද පෙලෙතිවරුද සියලු බලවන්තයෝද ඔහු පස්සේ පිටත්ව ගියෝය. බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා ලුහුබැඳ යන පිණිස ඔව්හු යෙරුසලමෙන් නික්ම ගියෝය. |
ඔහුගේ සියලු සේවකයෝ ඔහු ළඟ සිටියහ. සියලු කෙරෙතිවරු ද සියලු පෙලෙතිවරු ද ගාත්හි සිට ඔහු අනුව ආ ගිත්තීය ජාතික මිනිස්සු හයසියයක් ද ඔහුට පෙරටු ව ගියහ.
ජෝවාබ් මුළු ඉශ්රායෙල් සේනාවට අධිපතියා ය. ජෙහොයාදාගේ පුත් බෙනායා කෙරෙතිවරුන්ටත්, පෙලෙතිවරුන්ටත් අධිපතියා ය.
ශෙරුයාගේ පුත් ජෝවාබ් සේනාපතියා ව සිටියේ ය. අහිලුද්ගේ පුත් ජෙහෝෂාපාට් වාර්තාකරුවා ව සිටියේ ය.
ජෙහෝයාදාගේ පුත් බෙනායා කෙරෙතිවරුන් ද පෙලෙතිවරුන් ද කෙරෙහි අධිපතියා ව සිටියේ ය. දාවිත්ගේ පුත්‍රයෝ පූජකවරුන් ව සිටියහ.
රජ තෙම ඔවුන් අමතා, “ඔබේ ස්වාමීන්ගේ නිලධාරීන් කැඳවාගෙන, මා පුත් සලමොන් මාගේ ම කොටළුවා පිට නංවාගෙන ගීහොන් නමැති දිය උල්පත් ළඟට යන්න.
මෙසේ ශාදොක් පූජකවරයා ද නාතාන් දිවැසිවරයා ද ජොහෝයාදාගේ පුත් බෙනායා ද කෙරෙතිවරු ද පෙලෙතිවරු ද ගොස්, දාවිත් රජුගේ කොටළුවා පිට සලමොන් නංවාගෙන ගීහොන් නම් ස්ථානයට පැමිණියහ.
තවද, රජ තෙම ඔහු සමඟ ශාදොක් පූජකවරයා ද නාතාන් දිවැසිවරයා ද ජෙහෝයාදාගේ පුත් බෙනායා ද කෙරෙතිවරුන් ද පෙලෙතිවරුන් ද යැව්වේ ය. ඔව්හු ඔහුට රජුගේ කොටළුවා පිට නැඟී යාමට සැලැස්සූ හ.
අපි කෙරෙතිවරුන්ගේ දකුණු දිශාවටත්, ජුදාට අයිති දකුණු පළාතටත්, කාලෙබ්ගේ දකුණු දිශාවටත් විරුද්ධ ව යුද්ධ කෙළෙමු; ශික්ලග් නුවර ගිනිබත් කෙළෙමු”යි කී ය.