ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 20:4 - Sinhala New Revised Version

රජ අමාසාට කතා කොට, “තුන් දවසකින් ජුදා සෙනඟ කැඳවා, ඔවුන් සමඟ ඔබත් මා ඉදිරියේ පෙනී සිටින්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

රජ අමාසාට කතා කොට, “තුන් දවසකින් ජුදා සෙනඟ කැඳවා, ඔවුන් සමඟ ඔබත් මා ඉදිරියේ පෙනී සිටින්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද රජ අමාසාට කථාකොට: තුන් දවසකින් යූදා මනුෂ්‍යයන් මා වෙතට අඬගස්වන්න, නුඹත් මෙහි සිටින්නැයි කීය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 20:4
4 හුවමාරු යොමු  

තවද, අබ්සලොම් ජෝවාබ් වෙනුවට අමාසා සේනාපතියා වශයෙන් පත් කළේ ය. අමාසා වූකලී ඉෂ්මායෙල් ජාතික ඉත්රාගේ පුත්‍රයා ය. ඉත්රාගේ බිරිඳ නාහාෂ්ගේ දුව වන අබිගායිල් ය. තවද, ඈ ජෝවාබ්ගේ මව වන ශෙරුයාගේ සහෝදරී ය.


තවද, අමාසාට කතා කොට, ‘ඔබ මාගේ ලේ නෑයෙක් නො‍වේ ද? අද සිට ජෝවාබ් වෙනුවට මම නුඹ සේනාපතියා වශයෙන් පත් කරමි. එසේ නො‍කළො‍ත් දෙවියන් වහන්සේ මට දරුණු ලෙස දඬුවම් කරන සේක්වා’යි කියන්නැ”යි කියා යැව්වේ ය.


මෙසේ දාවිත් සියලු ජුදා මිනිසුන්ගේ සිත් එක් කෙනෙකුගේ සිත මෙන් දිනාගත්තේ ය. සෙනඟ කතා කරමින්, “ඔබේ සියලු සේවකයන් සමඟ හැරී අව මැනව”යි කියා යැව්වෝ ය.


අබිගායිල් අමාසා ලැබුවා ය. අමාසාගේ පියා නම්, ඉෂ්මායෙලීය ජෙතෙර් ය.