ඔහු ඈ ළඟට ආ කල ඒ ස්ත්‍රිය, “ඔබ ජෝවාබ් ද” කියා ඇසුවා ය. ඔහු ද, “එසේ ය”යි උත්තර දුන්නේ ය. එවිට ඈ, “ඔබේ මෙහෙකාරී කියන දේට සවන් දුන මැනව”යි ඔහුට කීවා ය. ඔහු ද, “මම සවන් දෙමි”යි කී ය.
2 සාමුවෙල් 20:18 - Sinhala New Revised Version එවිට ඈ කතා කොට, “පුරාණ කාලයේ දී ‘දැනුමැතිකම් ලැබීමට ආබෙල්ට යන්නැ’යි කීමක් තිබිණි. ඒ අනුව පැරැන්නෝ ප්‍රශ්න විසඳාගත්හ. Sinhala New Revised Version 2018 එවිට ඈ කතා කොට, “පුරාණ කාලයේ දී ‘දැනුමැතිකම් ලැබීමට ආබෙල්ට යන්නැ’යි කීමක් තිබිණි. ඒ අනුව පැරැන්නෝ ප්‍රශ්න විසඳාගත්හ. Sinhala Revised Old Version එවිට ඈ කථාකොට: ඔව්හු සැබවින්ම ආබෙල්හිදී විචාරන්නෝය කියා කථාකරන්ට පුරාණ කාලයේදී මනුෂ්‍යයෝ පුරුදුව සිටියෝය. එසේ ඔව්හු කාරණය තීන්දුකළෝය. |
ඔහු ඈ ළඟට ආ කල ඒ ස්ත්‍රිය, “ඔබ ජෝවාබ් ද” කියා ඇසුවා ය. ඔහු ද, “එසේ ය”යි උත්තර දුන්නේ ය. එවිට ඈ, “ඔබේ මෙහෙකාරී කියන දේට සවන් දුන මැනව”යි ඔහුට කීවා ය. ඔහු ද, “මම සවන් දෙමි”යි කී ය.
අපේ නගරය, ඉශ්රායෙල්හි ඇති ඉතා සාමකාමී, විශ්වාසදායී නගරයක් බව ප්‍රසිද්ධ ය. ඉශ්රායෙල්හි මවු බිමක් වැනි නගරයක් විනාශ කරන්නට ඔබ උත්සාහ කරන්නෙහි ය. සමිඳාණන් වහන්සේගේ උරුමය ඔබ නාස්ති කරන්නේ කුමක් නිසා දැ”යි ඇසුවා ය.