අමාසාගේ මළකඳ මාවතින් ඉවත් කළ පසු, මුළු සෙනඟ බික්‍රිගේ පුත් ෂෙබා ලුහුබඳින පිණිස ජෝවාබ් පසුපස ගියහ.
2 සාමුවෙල් 20:14 - Sinhala New Revised Version ෂෙබා සියලු ඉශ්රායෙල් ගෝත්‍ර මැදින් ගොස් ආබෙල්-බෙත්-මයකා නගරයට පැමුණුණේ ය. බේරීවරු රැස් වී ඔහු පස්සේ ගියෝ ය. Sinhala New Revised Version 2018 ෂෙබා සියලු ඉශ්රායෙල් ගෝත්‍ර මැදින් ගොස් ආබෙල්-බෙත්-මයකා නගරයට පැමුණුණේ ය. බේරීවරු රැස් වී ඔහු පස්සේ ගියෝ ය. Sinhala Revised Old Version ෂෙබා සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රද සියලු බේරීවරුන්ද අතරේ ගොස් ආබෙල්ටත් බෙත්-මයකාටත් පැමුණුණේය. මිනිස්සු රැස්වී ඔහු පස්සේ ගියෝය. |
අමාසාගේ මළකඳ මාවතින් ඉවත් කළ පසු, මුළු සෙනඟ බික්‍රිගේ පුත් ෂෙබා ලුහුබඳින පිණිස ජෝවාබ් පසුපස ගියහ.
ඔව්හු අවුත් ආබෙල්-බෙත්-මයකා නගරය වටලාගෙන එය ඉදිරිපිට ගොඩැල්ලක් නැඟුවෝ ය. එය පවුර ඉදිරිපිට තිබිණි. ජෝවාබ් සමඟ සිටි මුළු සෙනඟ ද පවුර හෙළා දමන්නට ඊට පහර දුන්හ.
මයකාතිය ජාතිකයාගේ පුත් වන අහස්බයිගේ පුත් එලිපෙලෙත් ය; ගිලොනිය අහිතොපෙල්ගේ පුත් එලියාම් ය;
එවිට බෙන්-හදද්, ආසා රජුට ඇහුම්කන් දී, තමාගේ සෙන්පතීන් ඉශ්රායෙල්වරුන්ගේ නගරවලට විරුද්ධ ව යවා ඊයොන් ද දාන් සහ ආබෙල්-බෙත්-මයකා ද යන නගරවලටත්, මුළු නප්තලී ප්‍රදේශය ඇතුළු මුළු කින්නරෝත් පළාතටත් පහර දුන්නේ ය.
ඉශ්රායෙල් රජු වන පෙකාගේ කාලයේ දී අසිරියාවේ රජු වන තිග්ලත්-පිලෙසෙර් අවුත් ඊයොන් ද ආබෙල්-බෙත්-මයකා ද ජනෝවා ද කෙදෙෂ් ද හාශෝර් ද ගිලියද් ද ගලීලය ද, එනම් මුළු නප්තලී දේශය ද අල්ලාගෙන දේශවාසීන් අසිරියාවට ගෙන ගියේ ය.
එවිට බෙන්-හදද් ආසා රජුට ඇහුම්කන් දී තමාගේ යුද්ධ සේනාපතීන් ඉශ්රායෙල් නගරවලට විරුද්ධ ව යැවී ය. ඔහු ඊයොන්ටත්, දාන්ටත්, ආබෙල්-මායිම්ටත්, නප්තලීහි සියලු ගබඩා-නගරවලටත් පහර දුන්නේ ය.
එතැනින් ඔව්හු බෙයේර් නම් ස්ථානයට ගියහ. ‘සෙනඟ එක්රැස් කරන්න, මම ඔවුන්ට බොන්නට වතුර දෙමි’යි කියා සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාරා ඇත්තේ එහි ය.