රජ ද පිළිතුරු දෙමින්, “ශෙරුයාගේ පුත්‍රයෙනි, මෙය මට වත්, ඔබට වත් අයිති වැඩක් නොවේ. ඔහු දෙස් කීවා වේ! ‘දාවිත්ට දෙස් කියාපන්නැ’යි ඔහුට කීවේ සමිඳාණන් වහන්සේ නම්, ‘ඔබ මෙසේ කෙළේ මන්දැ’යි කියන්නට පුළුවන් කවරෙකුට දැ”යි ඇසී ය.
2 සාමුවෙල් 19:23 - Sinhala New Revised Version තවද, “ඔබ නොනසින්නෙහි ය”යි රජ ෂිමෙයිට කියා දිවුළේ ය. Sinhala New Revised Version 2018 තවද, “ඔබ නොනසින්නෙහි ය”යි රජ ෂිමෙයිට කියා දිවුළේ ය. Sinhala Revised Old Version තවද: නුඹ නොනස්නෙහියයි රජ ෂිමෙයිට කියා දිවුළේය. |
රජ ද පිළිතුරු දෙමින්, “ශෙරුයාගේ පුත්‍රයෙනි, මෙය මට වත්, ඔබට වත් අයිති වැඩක් නොවේ. ඔහු දෙස් කීවා වේ! ‘දාවිත්ට දෙස් කියාපන්නැ’යි ඔහුට කීවේ සමිඳාණන් වහන්සේ නම්, ‘ඔබ මෙසේ කෙළේ මන්දැ’යි කියන්නට පුළුවන් කවරෙකුට දැ”යි ඇසී ය.
සාවුල්ගේ පුත් මෙපිබොෂෙත් දාවිත්ගේ පෙරමඟට ආවේ ය. ඔහු රජු ගිය දා සිට සාමදානයෙන් ආපසු පැමිණි දවස දක්වා තමාගේ පාද සේදුවේ වත්, රැවුල සකස් කරගත්තේ වත්, ඇඳුම් සේදුවේ වත් නැත.
ඔබ පිටතට ගොස් කිද්‍රොන් ඔයෙන් එතෙර වන දවසේ දී ඔබ නසිනවා ම ඇතැ යි දැනගන්න. ඇරත්, ඔබේ මරණය සම්බන්ධ ව ඔබ ම වැරදිකරු වනු ඇතැ”යි ඔහුට කීවේ ය.
මෙසේ රජ තෙම ජෙහෝයාදාගේ පුත් බෙනායාට අණ කළ පසු, ඔහු පිටතට ගොස් ෂිමෙයිට පහර දී මැරුවේ ය. රජකම සලමොන් අත ස්ථීර විය.
සැබැවින් ම මනුෂ්‍යයෝ තමන්ට වඩා ශ්‍රේෂ්ඨයෙකුගේ නාමයෙන් දිවුරති. ඔවුන්ගේ සියලු වාද විවාද නිමාවකට ගෙනෙන්නේ දිවුරා දෙන සහතිකයකිනි.
එවිට සාවුල් සෙනඟ අමතා, “අද දවසේ දී සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ගළවාගත් නිසා කිසිවෙකු මේ දවසේ දී මරණයට පත් නොකළ යුතු ය”යි කීවේ ය.
සාවුල් පිළිතුරු දෙමින්, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මේ කාරණය නිසා ඔබට කිසි දඬුවමක් නොවනු ඇතැ යි දිවුරා කියමි”යි ඈට කී ය.
“ඒ හමුදාව ළඟට යන්නට ඔබ මට මඟ පෙන්වන්නෙහි දැ”යි දාවිත් ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “මා නොමරන හැටියටත්, මාගේ ස්වාමියා අතට පාවා නොදෙන හැටියටත් දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔබ මට දිවුරුම් දුන්නොත් මම ඒ හමුදාව ළඟට පැමිණෙන්නට ඔබට මඟපෙන්වමි”යි කී ය.