එතැන දී ඉශ්රායෙල් සෙනඟ දාවිත්ගේ සේවකයන්ට පරාජය වූවෝ ය. එදා මහා ඝාතනයක් සිදු වී මිනිස්සු විසිදහසක් මළහ.
2 සාමුවෙල් 18:8 - Sinhala New Revised Version යුද්ධය රට මුළුල්ලේ පැතිර ගොස්, එදා කඩුවෙන් විනාශ වූ ගණනට වඩා විශාල සෙනඟක් වනයෙන් විනාශ වූ හ. Sinhala New Revised Version 2018 යුද්ධය රට මුළුල්ලේ පැතිර ගොස්, එදා කඩුවෙන් විනාශ වූ ගණනට වඩා විශාල සෙනඟක් වනයෙන් විනාශ වූ හ. Sinhala Revised Old Version යුද්ධය රට මුළුල්ලේ පැතිර ගොස්, එදා කඩුවෙන් විනාශවුණාට වැඩි සෙනඟක් වනයෙන් විනාශවුණෝය. |
එතැන දී ඉශ්රායෙල් සෙනඟ දාවිත්ගේ සේවකයන්ට පරාජය වූවෝ ය. එදා මහා ඝාතනයක් සිදු වී මිනිස්සු විසිදහසක් මළහ.
අබ්සලොම් තම අශ්වතරයා පිට නැඟී යද්දී, දාවිත්ගේ සේවකයන්ට මුණ ගැසුණේ ය. අශ්වතරයා මහත් ආලෝන ගසක විශාල අතු යටින් යද්දී ඔහුගේ හිස ආලෝන ගසේ අතුවල හිර වී, ඔහු අහසටත්, පොළවටත් අතරේ එල්ලී සිටියේ ය. ඔහු නැඟී සිටි අශ්වතරයා යන්නට ගියේ ය.
ඉතිරි අය අපෙක් නම් නගරය තුළට පලා ගියහ. එහි දී ඉතිරි ව සිටි විසිහත්දහසක් මනුෂ්‍යයන් පිට පවුරු වැටිණි. බෙන්-හදද් පලා ගොස් නගරයට පැමිණ ඇතුළු ගෙයකට ගියේ ය.
සමිඳුනි, වැඩිය මැනව; දෙවිඳුනි, මා මුදාලුව මැනව. මන්ද, ඔබ සතුරන්ගේ බල සිඳලන සේක; දුදනන්ගේ දළ බිඳලන සේක.
දෙවිඳුනි, අභක්තික සෙනඟට එරෙහි ව, මා වෙනුවෙන් කරුණු කියා මා නිදහස් කළ මැනව. කපටි, අසාධාරණ මිනිසුන්ගෙන් මා මුදාගත මැනව.
මන්ද, හිටිහැටියේ ඔවුන්ගෙන් විපත පැමිණෙනු ඇත. ඒ දෙදෙනාගෙන් එන විපත්තිය කවරෙක් දනිද් ද?
තවද, ඔවුන් ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් පලා යද්දී, අශේකා දක්වා බෙත්-හෝරොන් පල්ලමේ දී සමිඳාණන් වහන්සේ අහසෙන් විශාල ගල් ඔවුන් පිට හෙළූ සේක; එයින් ඔව්හු මැරුණෝ ය. ගල් වර්ෂාවෙන් නැසුණු අය, ඉශ්රායෙල්වරුන් කඩුවෙන් මැරූ අයට වඩා බොහෝ වූ හ.