මුරකාරයා මොරගසා එපවත් රජුට කී ය. රජ කතා කොට, “ඔහු තනියම එන්නේ නම්, ආරංචි ගෙනෙන්නේ ය”යි කී ය. ඔහු ඉක්මනට අවුත් ළං විය.
2 සාමුවෙල් 18:26 - Sinhala New Revised Version මුරකාරයා තව මිනිසෙකු දුව එනු දැක, දොරටු පාලයාට අඬගසා, “තව මිනිසෙක් තනියම දුව එන්නේ ය”යි කී ය. එවිට රජ, “ඔහුත් ආරංචි ගෙනෙන්නේ ය”යි කී ය. Sinhala New Revised Version 2018 මුරකාරයා තව මිනිසෙකු දුව එනු දැක, දොරටු පාලයාට අඬගසා, “තව මිනිසෙක් තනියම දුව එන්නේ ය”යි කී ය. එවිට රජ, “ඔහුත් ආරංචි ගෙනෙන්නේ ය”යි කී ය. Sinhala Revised Old Version මුරකාරයා තවත් මනුෂ්‍යයෙකු දුව එනවා දැක දොරටුපාලයාට අඩගසා: තව මනුෂ්‍යයෙක් තනියම දුව එන්නේයයි කීවේය. එවිට රජ: ඔහුත් ආරංචි ගෙනෙන්නේයයි කීය. |
මුරකාරයා මොරගසා එපවත් රජුට කී ය. රජ කතා කොට, “ඔහු තනියම එන්නේ නම්, ආරංචි ගෙනෙන්නේ ය”යි කී ය. ඔහු ඉක්මනට අවුත් ළං විය.
මුරකාරයා ද පළමු වන මිනිසාගේ දිවීම ශාදොක්ගේ පුත් අහීමයාශ්ගේ දිවීම හා සමාන බව මට පෙනේ ය”යි කීවේ ය. රජ ද, “ඔහු යහපත් මිනිසෙකි. යහපත් ආරංචි ඇතිව එන්නේ ය”යි කී ය.
මෙසේ ඔව්හු අවුත් නුවර දොරටු පාලකයන්ට හඬගසා කතා කොට, “අපි සිරියන්වරුන්ගේ කඳවුරට ගියෙමු. එහි කිසි මනුෂ්‍යයෙක් වත්, මනුෂ්‍ය හඬක් වත් නැත. බඳින ලද අශ්වයෝත්, කොටළුවෝත් සිටිති. කූඩාරම් ද තිබුණු හැටියට ම තිබේ ය”යි ඔවුන්ට දැන්නූ හ.