ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 17:27 - Sinhala New Revised Version

දාවිත් රජු මහනයිම් නගරයට පැමිණි විට අම්මොන්වරුන්ට අයිති රබ්බාහි නාහාෂ්ගේ පුත් ෂෝබි ද ලෝ-දෙබාර්හි අම්මියෙල්ගේ පුත් මාකීර් ද රොගේලීම්හි ගිලියද් ජාතික බර්ශිල්ලයි ද

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දාවිත් රජු මහනයිම් නගරයට පැමිණි විට අම්මොන්වරුන්ට අයිති රබ්බාහි නාහාෂ්ගේ පුත් ෂෝබි ද ලෝ-දෙබාර්හි අම්මියෙල්ගේ පුත් මාකීර් ද රොගේලීම්හි ගිලියද් ජාතික බර්ශිල්ලයි ද

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

දාවිත් මහනායිම්ට පැමුණුණු විට අම්මොන් පුත්‍රයන්ට අයිති රබ්බාහි නාහාෂ්ගේ පුත්‍රවූ ෂෝබිද ලෝ-දෙබාර්හි අම්මීයෙල්ගේ පුත්‍රවූ මාඛීර්ද රොගේලීම්හි ගිලියදිය බර්සිල්ලයිද,

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 17:27
9 හුවමාරු යොමු  

ජෝවාබ් අම්මොන්වරුන්ට අයිති රබ්බා නගරයට විරුද්ධ ව යුද්ධ කොට රාජධානිය අල්ලාගත්තේ ය.


ඉශ්රායෙල්වරු ද අබ්සලොම් ද ගිලියද් රටෙහි කඳවුරු බැඳගත්තෝ ය.


එවිට, “ඔහු කොතැන දැ”යි රජ ඔහුගෙන් ඇසී ය. ශීබා පිළිතුරු දෙමින්, “ඔහු ලෝ-දෙබාර්හි අම්මියෙල්ගේ පුත් මාකීර්ගේ ගෙදර සිටී ය”යි රජුට කී ය.


“එහෙත්, ගිලියද් ජාතික බර්ශිල්ලයිගේ පුත්‍රයන් හට කරුණාව පෙන්වා, ඔවුන්ට ඔබේ මේසයෙන් ආහාර පාන අනුභව කරන්නට අවසර දෙන්න. මන්ද, ඔබේ සහෝදර වූ අබ්සලොම්ගෙන් මා පලා ගිය විට ඔව්හු එලෙස මා ළඟට පැමිණියෝ ය.


පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් හබායාගේ පුත්‍රයෝත්, හක්කොශ්ගේ පුත්‍රයෝත්, ගිලියදීය බර්ශල්ලයිගේ දූවරුන්ගෙන් භාර්යාවක පාවාගෙන ඔවුන්ගේ නාමය ලැබූ බර්සිල්ලයිගේ පුත්‍රයෝත් ය.


මසකට පමණ පසු අම්මොනිවරයෙකු වූ නාහාෂ් රජ ගිලියද් පෙදෙසෙහි තිබූ ජාබෙෂ් නගරයට විරුද්ධ ව පැමිණ එය වටලෑවේ ය. ජාබෙෂ්හි මනුෂ්‍යයෝ කතා කොට, “අප සමඟ ගිවිසුමක් කළ මැනව, එවිට අපි ඔබට යටත් වන්නෙමු”යි නාහාෂ්ට කීවෝ ය.