ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 17:14 - Sinhala New Revised Version

අබ්සලොම් ද සියලු ඉශ්රායෙල් සෙනඟ ද, “අහිතොපෙල්ගේ අවවාදයට වඩා අර්කීය ජාතික හූෂයිගේ අවවාදය හොඳ ය”යි කී හ. සමිඳාණන් වහන්සේ අබ්සලොම් පිට විනාශය පමුණුවන පිණිස, අහිතොපෙල්ගේ හොඳ අවවාදය නිෂ්ප්‍රභා කරන්නට නියම කර තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අබ්සලොම් ද සියලු ඉශ්රායෙල් සෙනඟ ද, “අහිතොපෙල්ගේ අවවාදයට වඩා අර්කීය ජාතික හූෂයිගේ අවවාදය හොඳ ය”යි කී හ. සමිඳාණන් වහන්සේ අබ්සලොම් පිට විනාශය පමුණුවන පිණිස, අහිතොපෙල්ගේ හොඳ අවවාදය නිෂ්ප්‍රභා කරන්නට නියම කර තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අබ්සලොම්ද සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද: අහිතොපෙල්ගේ මන්ත්‍රණයට වඩා අර්කීය හූෂයිගේ මන්ත්‍රණය හොඳයයි කීවෝය. මක්නිසාද ස්වාමීන්වහන්සේ අබ්සලොම් පිටට නාස්තිය පමුණුවන පිණිස අහිතොපෙල්ගේ හොඳ මන්ත්‍රණය නිෂ්ඵල කරන්ට නියමකර තිබුණේය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 17:14
25 හුවමාරු යොමු  

“මින්මතු ඔබ ජාකොබ් නොවනු ඇත. ඔබ දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයා සමඟ පොරබදා ජයගත් බැවින් ඔබේ නම ඉශ්රායෙල් වන්නේ ය”යි කී ය.


අහිතොපෙල් කුමන්ත්‍රණ කාරයන් අතරේ අබ්සලොම් සමඟ සිටින බව දාවිත්ට දන්වන ලද්දේ ය. එවිට දාවිත්, “අහෝ සමිඳුනි, අහිතොපෙල්ගේ මන්ත්‍රණය අනුවණකමක් බවට හැරෙවුව මැනවැ”යි කී ය.


එහෙත්, ඔබ නගරයට හැරී ගොස්, අබ්සලොම්ට කතා කර, ‘රජතුමනි, මම ඔබේ සේවකයා වෙමි; පළමු ව ඔබේ පියාගේ සේවකයෙකු ව සිටි ලෙස ම දැන් ඔබේ සේවකයෙක් වෙමි’යි කියන්නෙහි නම්, මා උදෙසා අහිතොපෙල්ගේ මන්ත්‍රණය නිෂ්ඵල කරන්නට ඔබට පුළුවන් වන්නේ ය.


ඒ කාලයේ දී මිනිසකු දෙවියන් වහන්සේගේ පණිවුඩය සොයන ලෙස, ඔව්හු අහිතොපෙල්ගේ අවවාදය සෙව්වෝ ය. අහිතොපෙල්ගේ අවවාදය දාවිත් හා අබ්සලොම් සැලකුවේ එයාකාරයෙන් ය.


මෙසේ රජ තෙම සෙනඟට ඇහුම්කන් නුදුන්නේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ෂිලෝහි අහියා ලවා නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ට කිය වූ ස්වකීය වචනය ඉෂ්ට කරන පිණිස ඒ කාරණය දෙවියන් වහන්සේගෙන් පැමිණියේ ය.


එහෙත්, ප්‍රජා මූලිකයන් ඔහුට දුන් දැනුමැතිකම ඔහු අත්හැර, තමා සමඟ වැඩුණු, තමාගේ සේවයෙහි සිටි තරුණයන් සමඟ සම්මන්ත්‍රණය කරමින්,


මෙසේ ඔහු රජු සමඟ කතා කරද්දී අමශියා ඔහුට කතා කොට, “ඔබ රජුගේ මන්ත්‍රීවරයෙකු කොට පත් කෙළෙමු ද? ඔබ මැරුම්කන්න කැමැති නැත්නම් නිකම් සිටින්නැ”යි කීවේ ය. එවිට දිවැසිවරයා නැවතී, “ඔබ මාගේ දැනුමැතිකම නොඅසා මෙය කළ බැවින්, දෙවියන් වහන්සේ ඔබ විනාශ කරන්න තීරණය කර ගත් බව මට පෙනේ ය”යි කීවේ ය.


එහෙත්, අමශියා ඇහුම්කන් නුදුන්නේ ය. ඔවුන් ඒදොම්හි දෙවිවරුන් වෙත හැරුණු බැවින්, ඔවුන් පාවා දෙන පිණිස එය දෙවියන් වහන්සේ කෙරෙන් පැමිණියේ ය.


තවද, අප ඒ දේ දැනගත් බව ද දෙවියන් වහන්සේ ඔවුන්ගේ මන්ත්‍රණය ව්‍යර්ථ කළ බව ද අපේ සතුරන්ට ආරංචි වූ කල, අපි සියල්ලෝ ම එකිනෙකා තම තමාගේ වැඩ කිරීමට පවුරට ආපසු ගියෙමු.


එතුමාණෝ අනුශාසකයන් මන්ද බුද්ධිකයන් කරන සේක; විනිශ්චයකාරයන් මෝඩයන් කරන සේක.


විජාතීහු වළක් කපා එම වළෙහි වැටී සිටිති. එලෙස ම උගුලක් අටවා එම උගුලට අසු වී සිටිති.


සමිඳාණෝ යුක්තිය ඉටු කොට ප්‍රකාශ වූ සේක. කුදිටු දනෝ තමන් හෙළන උපා දැලේ පැටලී සිටිති.


එහෙත්, ඔබට මාගේ බලපරාක්‍රමය පෙන්වන පිණිසත්, මාගේ නාමය මුළු ලෝකය පුරා ප්‍රකාශ වන පිණිසත් ඔබට ජීවත් වන්නට ඉඩ හැරියෙමි.


මිනිසා සිතින් බොහෝ දේ අරමුණු කරයි; එහෙත් ස්ථිරවන්නේ සමිඳුන්ගේ අරමුණ ය.


ප්‍රඥාව, තීක්ෂණ ඥානය, අනුශාසනය, සමිඳුන්ට විරුද්ධ නම්, මේවායින් වැඩක් නැත.


එක් ව මන්ත්‍රණය කරන්න; එහෙත්, ඒවා නිෂ්ඵල වන්නේ ය. ඇති තරම් කතා කරන්න. එහෙත්, ඒවා නිෂ්ඵල වන්නේ ය. මන්ද, දෙවියන් වහන්සේ අප සමඟ ය.


සමිඳාණෝ කැමැති නොවන සේක් නම්, කිසිවෙකුට කිසිවක් නොකළ හැකි ය.


ඔවුන් කර්මෙල් කන්ද මුදුනෙහි සැඟවී සිටියත්, මම ඔවුන් සොයාගෙන අල්ලාගනිමි. ඔවුන් මට නොපෙනී මුහුදු පත්ලෙහි සැඟවුණත්, එහි දී ඔවුන් දෂ්ට කරන පිණිස මුහුදු සර්පයාට මම අණ කරමි.


ඒ වංචනික ගබඩාකාරයා එතරම් ශූර නුවණින් ක්‍රියා කළ නිසා ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසා කෙළේ ය. මන්ද, ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ, සිය කටයුතු සම්බන්ධයෙන් ශූර නුවණ ඇත්තෝ ය.


මන්ද, මේ ලෝකයේ ප්‍රඥාව දෙවියන් වහන්සේ ඉදිරියෙහි මෝඩකමකි. උන් වහන්සේ: “ප්‍රඥාවන්තයන් ඔවුන්ගේ ම උපායවලින් අසු කරගන්නා සේකැ”යි ලියා ඇත.


“එහෙත් හෙෂ්බොන්හි රජ වූ සීහොන් අපට දේශය මැදින් යන්නට අවසර නුදුන්නේ ය. එසේ නුදුන්නේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහු ඔබේ බලයට පාවා දෙනු පිණිස, උන් වහන්සේ ඔහුගේ සිත දැඩි ලෙස මුරණ්ඩු කළ නිසා විය හැක.


ඉශ්රායෙල්වරුන් සමඟ සටනට එළඹීමට ඔවුන්ගේ සිත් දැඩි කිරීම සමිඳාණන් වහන්සේ ම අදහස් කළ දෙයකි. මෙසේ කෙළේ, ඔවුන් කිසි දයාවක් නොලබා සහමුලින් ම විනාශකර දමනු ලබන පිණිස ය. මේ වනාහි සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ දේ ය.