එහෙත්, ඔබ නගරයට හැරී ගොස්, අබ්සලොම්ට කතා කර, ‘රජතුමනි, මම ඔබේ සේවකයා වෙමි; පළමු ව ඔබේ පියාගේ සේවකයෙකු ව සිටි ලෙස ම දැන් ඔබේ සේවකයෙක් වෙමි’යි කියන්නෙහි නම්, මා උදෙසා අහිතොපෙල්ගේ මන්ත්‍රණය නිෂ්ඵල කරන්නට ඔබට පුළුවන් වන්නේ ය.
2 සාමුවෙල් 16:19 - Sinhala New Revised Version ඇරත්, මා සේවය කළ යුත්තේ කවරෙකුට ද? ඔහුගේ පුත්‍රයාට නොවේ ද? මම ඔබගේ පියාණන් ඉදිරියෙහි සේවය කළ පරිදි, ඔබට සේවය කරන්නෙමි”යි අබ්සලොම්ට කීවේ ය. Sinhala New Revised Version 2018 ඇරත්, මා සේවය කළ යුත්තේ කවරෙකුට ද? ඔහුගේ පුත්‍රයාට නොවේ ද? මම ඔබගේ පියාණන් ඉදිරියෙහි සේවය කළ පරිදි, ඔබට සේවය කරන්නෙමි”යි අබ්සලොම්ට කීවේ ය. Sinhala Revised Old Version ඇරත් මා විසින් සේවයකළ යුතු කාටද? ඔහුගේ පුත්‍රයා ඉදිරියෙහි නොවේද? මම ඔබගේ පියාණන් ඉදිරියෙහි සේවය කළාක් මෙන් ඔබ ඉදිරියෙහිත් සේවය කරන්නෙමියි අබ්සලොම්ට කීවේය. |
එහෙත්, ඔබ නගරයට හැරී ගොස්, අබ්සලොම්ට කතා කර, ‘රජතුමනි, මම ඔබේ සේවකයා වෙමි; පළමු ව ඔබේ පියාගේ සේවකයෙකු ව සිටි ලෙස ම දැන් ඔබේ සේවකයෙක් වෙමි’යි කියන්නෙහි නම්, මා උදෙසා අහිතොපෙල්ගේ මන්ත්‍රණය නිෂ්ඵල කරන්නට ඔබට පුළුවන් වන්නේ ය.
හූෂයි ද, “එසේ නොවේ; සමිඳාණන් වහන්සේ ද මේ සෙනඟ ද සියලු ඉශ්රායෙල් මනුෂ්‍යයන් ද විසින් තෝරාගන්නා ලද තැනැත්තාට එකතු ව මම ඔහු සමඟ සිටිමි.
එවිට අබ්සලොම් අහිතොපෙල්ට කතා කොට, “අප කුමක් කටයුතු දැ යි සම්මන්ත්‍රණය කොට කියන්නැ”යි කීවේ ය.
බද්ධ වෛරය සිත තුළ පැසෙන නමුත්, ඔහුගේ කතාව වෙඬෙරු මෙන් සුමුදු ය; ඔහුගේ වචන, තෙලට වඩා මොළොක් ය. එහෙත් ඒවා, මුවහත් කඩු පහර මෙන් වූයේ ය.
ඔහු සමඟ අනෙක් ජුදෙව්වරු ද චපල ලෙස ක්‍රියා කළහ. බාර්ණබස් පවා ඔවුන්ගේ චපලකමින් මුළාවිය.
දාවිත් පිළිතුරු දෙමින්, “එසේ නම් ඔබේ මෙහෙකරුවා කරන දෙය ඔබ දැනගනු ඇතැ”යි ආකීෂ්ට කී ය. ආකීෂ් පිළිතුරු දෙමින්, “හොඳයි, මාගේ ජීවිතාන්තය දක්වා ඔබ මාගේ ආරක්ෂක භටයා කොට පත් කරමි”යි දාවිත්ට කී ය.
දාවිත් පිළිතුරු දෙමින්, “මම කුමක් කෙළෙම් ද? මා අවුත් මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ගේ සතුරන්ට විරුද්ධ ව සටන් කරන්නට මට බැරි වන විධියට මා ඔබ ඉදිරියට පැමිණි දා පටන් අද දවස දක්වා ඔබේ මෙහෙකරුවා වන මා අත ඔබට සම්බ වූ වරද කුමක් දැ”යි ආකීෂ්ගෙන් ඇසුවේ ය.