පණිවුඩකාරයෙක් දාවිත් කරා පැමිණ, “ඉශ්රායෙල් මිනිසුන්ගේ සිත් අබ්සලොම් දෙසට ඇදී ගොස් ඇතැ”යි කී ය.
2 සාමුවෙල් 15:6 - Sinhala New Revised Version විනිශ්චය පිණිස රජු ළඟට පැමිණි සියලු ඉශ්රායෙල්වරුන්ට අබ්සලොම් මෙලෙස කර ඔවුන්ගේ සිත් දිනාගත්තේ ය. Sinhala New Revised Version 2018 විනිශ්චය පිණිස රජු ළඟට පැමිණි සියලු ඉශ්රායෙල්වරුන්ට අබ්සලොම් මෙලෙස කර ඔවුන්ගේ සිත් දිනාගත්තේ ය. Sinhala Revised Old Version විනිශ්චය පිණිස රජු ළඟට ආ සියලු ඉශ්රායෙල්වරුන්ට අබ්සලොම් මෙයාකාර කොට, හොරෙන් ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ගේ සිත් දිනා ගත්තේය. |
පණිවුඩකාරයෙක් දාවිත් කරා පැමිණ, “ඉශ්රායෙල් මිනිසුන්ගේ සිත් අබ්සලොම් දෙසට ඇදී ගොස් ඇතැ”යි කී ය.
ඒ මිනිසා තවදුරටත් මෙසේ විස්තර කෙළේ ය: “ඔහුගේ තැන රජයේ ගෞරවය නොදෙන ලද නීච කෙනෙක් ගන්නේ ය. ඔහු හදිසියෙන් පැමිණ කූටෝපක්‍රමයකින් රාජ්‍යය ගන්නේ ය.
එබඳු අය අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුන් වහන්සේට නොව, උදරයට සේවය කරති; මිහිරි ඉව්චා බසින් අහිංසක අය මුළා කරති.
ඔවුන්ගේ තණ්හාව නිසා ඔව්හු වංචනික ඉගැන්වීම්වලින්, ඔබ වෙළඳ බඩු බවට පත් කරගන්නෝ ය. ඔවුන්ගේ විනිශ්චය පුරාණයේ සිට ම පැවත එයි. එය අවලංගු වී නැත. ඔවුන්ගේ විනාශකයා නොනිඳා සිටියි.