ඉන්පසු මෙසේ සිදු විය. දාවිත්ගේ පුත් අබ්සලොම්ට තාමාර් නම් රුවැති සහෝදරියක් සිටියා ය. දාවිත්ගේ පුත් අම්නොන් ඈට ප්‍රේම කෙළේ ය.
2 සාමුවෙල් 13:2 - Sinhala New Revised Version අම්නොන් තමාගේ සහෝදරී වූ තාමාර්ට ප්‍රේම කළ නිසා අසනීප වන තරම් සිත් වේදනාවෙන් සිටී ය. ඈ කන්‍යාවක වන බැවින් ඈට කිසිවක් කිරීම දුෂ්කර බව අම්නොන්ට පෙනුණේ ය. Sinhala New Revised Version 2018 අම්නොන් තමාගේ සහෝදරී වූ තාමාර්ට ප්‍රේම කළ නිසා අසනීප වන තරම් සිත් වේදනාවෙන් සිටී ය. ඈ කන්‍යාවක වන බැවින් ඈට කිසිවක් කිරීම දුෂ්කර බව අම්නොන්ට පෙනුණේ ය. Sinhala Revised Old Version අම්නොන් තමාගේ සහෝදරීවූ තාමර් නිසා අසනීපවෙන තරම් කනස්සලුව සිටියේය; මක්නිසාද ඈ කන්‍යාවක්ය; ඈට යමක් කරන්ට තමාට උගහට බවත් අම්නොන්ට පෙණුණේය. |
ඉන්පසු මෙසේ සිදු විය. දාවිත්ගේ පුත් අබ්සලොම්ට තාමාර් නම් රුවැති සහෝදරියක් සිටියා ය. දාවිත්ගේ පුත් අම්නොන් ඈට ප්‍රේම කෙළේ ය.
දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයාගේ පුත් ජොනාදාබ් නම් මිත්‍රයෙක් අම්නොන්ට සිටියේ ය. ජොනාදාබ් උපායේ ඉතා දක්ෂ මිනිසෙකි.
එසේ ජෙශ්‍රෙයෙලීය නාබොත් කතා කොට, “මාගේ පියවරුන්ගේ උරුමය ඔබට නොදෙමි”යි කී ඒ වචනය නිසා ආහබ් ශෝක වී කෝපයෙන් තමාගේ ගෙට ගොස් ඇඳේ වැතිර, මුහුණ අහකට හරවාගෙන, කෑම නොකා සිටියේ ය.
ජෙරුසලම් වනිතාවෙනි, මාගේ පෙම්වතා ඔබට හමු වුවොත්, මා ප්‍රේමාතුර ව සිටින බව ඔහුට දන්වන බවට මට දිවුරා කියන්න.
දේව කැමැත්ත අනුව සිත් වේදනාව දරාගැනීමෙන් සිත් හරවා ගැනීමේ පසුතැවිල්ලක් ඇති වී, එය ගැළවීමට මඟ පාදන බැවින් කණගාටු වීමට ඉඩක් නැත. එහෙත් ලෞකික පිළිවෙළ අනුව සිත් වේදනාව දරාගැනීම මරණය ගෙන දෙයි.